you're reading...
News/ප්‍රවෘත්ති

චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ අපරාධයන්ට දඩුවම් කරන්න – බන්දුල පත්මකුමාර

මෑත කාලයෙහි ලේක් හවුසියේ දීර්ඝතම කාලයක් වැජඹුණු සභාපතිවරයකු බවට පත් ව සිටින බන්දුල පත්ම කුමාර මහතා ඊයේ කොළඹ පැවැති රැස්වීමක කතාකරමින් වන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ කරන ලද අපරාධයන්ට සහ ඒවට වග කිව යුතු පුද්ගලයින්ට දඩුවම් කරන ලෙස එම රුස්වීමෙහි ප්‍රධාන ආරාධිතයා වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතාගෙන් නොනිල ඉල්ලීමක් කළේ ය.

මෙම රුස්වීම පවත්වන ලද්දේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයෙහි අධක්ෂක ජෙනරාල් වන ලක්ෂ්මන් හුළුගල්ල විසින් ලියන ලද පොතක් ප්‍රසිද්ධියට පත් කිරීම පිනිස ය. මෙම අවස්ථාව කොතරම් වැදගත් ලෙස සැළකෙනු ලැබුනේ ද යත් එහි දෙවන ප්‍රධාන ආරාධිතයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ද කැඳවා තිබුණි.

ලක්ෂ්මන් හුළුගල්ල ගාමිනී දිසානායක මහතාගේ දේශපාලන සගයකු වූ අතර වෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඩුවම් ලබා සිටින පුද්ගලයෙකි.

හුලුගල්ල මහතාගේ දියනිය කතා කරමින් වන්ච්‍රිකා බන්ඩාරනායක සිය අප්පච්චි ගාතනය කිරිම පිනිස බැදේගානේ සංජීව සිය නිවෙසට එවූ බවත් එම දුෂ්ඨ බලවේගයන්ගෙන් සිය පියා ජවිතය බේරා ගත්තේ අනූ නමයෙන් බවත් කියා සිටියා ය. එමෙන්ම එකල රූකාන්ත  සහ චන්ද්‍රෙල්ඛාට එරෙහිව සිදුකරන ලද ප්‍රහාරය, මොනරාගල අනොජි විරසිංහගේ පුද්ගලික විත්‍රාගාරය ගිනි තබා විනාශ කිරීම යනාදි සිඳුවීම් සම්බන්ධයෙන් ද වන්ද්‍රිකා බන්ඩාරනායක පාලනය සම්බන්ධ බව එහිදි ප්‍රකාශ කරන ලදී. එකළ එක්සත් පාක්ෂිකයින් වූ එම තිදෙනාම දැන් රාජපක්ෂවාදීන් වී සිටිති.

බන්දුල පත්මකුමාර විසින් දඩුවම් දෙන ලෙස ඉල්ලා සිටියේ එම අපරාධයන් සම්බන්ධයෙන් ඊට වගකිවයුතු පුද්ගලයින්ට ය. වග කිව යුතු පුධාන තැනිත්තිය ලෙස සඳහන් කෙරැණේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ය.

තවද එමයුගයේ රජයේ ජනමාධ්‍ය තමාට දිගින් දිගටම පහර  දුන් අන්දම හුළුගල්ල සිය පොතහි සඳහන් කර තිබේ. එකළ ලේක් හවුසියේ සභාපති වරයා වූ ලූෂන් රාජකරුනානායක දැන් ජනාධිපති රාජපක්ෂගේ උපදේශකයෙකි. එකළ වන්ද්‍රිකාවාදී වූ ලූෂන් දැන් රාජපක්ෂවාදියෙකි.

මේ අතර රාජපක්ෂ පාලනයේ අවිශ්වාසයට ලක්ව සිටින පා.ම. තිලිංග සුමතිපාල විවේචනය කරමින් එකල ඔහු යටතේ රුකියාව කල බන්දුල පත්මකුමාර කීයේ වන්ද්‍රිකා පාලනයේ බලපෑම අනුව තමාට ඔහු විසින් කරන ලද බලපෑම් නිසා තමා ලක්බිම පුවත් පතින් ඉල්ලා අස්වූ බවයි.

මෙම සියළු දෙනා වන්ද්‍රිකා බන්ඩාරනායකට විරැද්ධ සාක්ෂි බවට දැන් පත්ව තිබේ.

මෙම පොත කඩි මුඩියේ ලිවීමත් එමගින් චන්ද්‍රිකා බන්ඩාරනායකට නඩු පැවරීමට ඇති සැළැස්මක් මෙම රුස්වීම විසින් පෙන්නුම් කරන්නේ ද යන්න දේශපාලන නිරීක්ෂකයෝ සැක පහළ කරති. අවනත අධිකරණයක් ඇති වත්මන් තත්ත්වය යටතේ  එවැනි පියවරක අවසානය කුමක්ද යන්න දැන ්සිටම තිරණය කළ හැකි බව ද ඔව්හු කියති.

About these ads

About sd

journalist and human rights activist

සංවාද

Comments are closed.

%d bloggers like this: