you're reading...
News/ප්‍රවෘත්ති

13න ගැන මුඛ පූට්ටු වීරවංශගේ අලුත් සිංදුව: රාජිතලා වාසුලා ඩිව්ලා චන්ද්‍රිකාගේ ඉත්තෝ

z_p07-Wimal

කෙහෙළියට බය වී අලුත් බයිලයක් දායි

13 වන සංසෝධනයෙන් ඉඩම් සහ පොලිස් බලතල ඉවත් නොකර උතුරැ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් තමා රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා අස්වන බවට සරම උස්සා ගෙන කෑ ගැසූ ඇමැති වීරවංශ දැන් එම බයිලය අතහැර වෙනත් සිංදුවක් පටන් ගෙන තිබේ. මන්ද යත් උතුරැ පළාත් මැතිවරණය වත්මන් ව්‍යවස්ථාව යටතේම පවත්වන බවට ආන්ඩුව බොරුවට හෝ කියමින් සිටින නිසා ය. හිටපු ජනාධිපතිනිය මහජන පක්‍ෂයේ නියෝජිතයන් හා වමේ පක්‍ෂ නායකයන් එකතු කරගෙන ඊට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවට වීරවංශ දැන් චෝදනා කරයි. මෙසේ ඔහු නනොකියා කියන්නේ රාජිත සේනාරත්න, රෙජිනෝල්ඩ්  පෙරේරා, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර සහ තිස්ස විතාරණ යන ඇමැතිවරු දැන් චන්ද්‍රිකා කුමාරතුංග සමඟ එක්වී මහින්ද රාජපක්ෂ පෙරළා දැමීමට මාන බලන බවයි.

ඔහු තවදුරටත් කියන්නේ තම පුත්‍රයා දේශපාලන කරළියට ගෙනඒම සඳහා හිටපු ජනාධිපතිනි  කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක නියෑළී සිටින බව යි .

මෙසේ කෑගසන වීරවංශ ඔහුගේ සහාය නැතිව ජන්ද දින්න්නට පුළුවන් බවට ඇමැති තෙහෙළිය කළ ප්‍රසිද්ධ ප්‍රකාශය ගැන කටින් කෙළ හෙල්ලුවේ නැත.

පසුගිය දා ආන්ඩුවේ හවුල්කාර වමේ පක්ෂ සහ රාජිත වැන ඇමැතිවරැ 13 වන සංසෝධනයට සහ බලය බෙදීමට පක්ෂව පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ජාව වීරවංශට අනුව මෙම කුමන්ත්‍රණයේ කොටසකි.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: