you're reading...
News/ප්‍රවෘත්ති

මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ සන්ධානය 13 රැක ගැනීමේ පෙරමුණකට: පිල්ලෙයානුත් ලැහැස්තියි

p1-pic-l

රාජපක්ෂ: සීමා සහිත තෝරා ගැනීම් අබියස

ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මුස්ලිම් කොන්ග්‍රසය බලය බෙදීමේ 13 වන සංසෝධනය දියාරු කිරීමට රාජපපක්ෂවරුන්ගේ සැළැස්මට එරෙහිව දෙමළ ජාතික සන්ධානය සමඟ එකගතාවයකට පැමිණ තිබේ. මුස්ලිම් කොන්ග්‍රසය සමඟ මෙම සාකච්ජාවට දෙමළ සන්ධානයේ ප්‍රධානී  පා.ම. සම්පන්දන් ඇතුළු තවත් මංත්‍රීවරුන් ගණනාවක්ම සහභාගි වී තිබේ. 13 වන සංසෝධනය දියාරැ කිරීමට පක්ෂව ජන්දය දුන්  වයඹ පළාත් සභාවේ මුස්ලිම් කොන්ග්‍රසයේ මංත්‍රීවරැ දෙදෙනෙකු පක්ෂයෙන් තහනම් කිරීමට ද මුස්ලිම් කොන්ග්‍රසය ඊයේ පියවර ගත්තේ ය. තම පක්ෂය ආන්ඩුවෙන් ඉවත් නොවන අතර අවශ්‍ය නම් අප ඉවත් කිරීම ජකාධිපති රාජපක්ෂයට ඉතිරි කරන බව මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම් හසන් අලි ජනමාධ්‍යට පවසා තිබේ

 13වන සංසෝධනය රැක ගැනීම පිණිස තමා සහ තම පක්ෂය අවශ්‍ය වුව හොත් දෙමළ ජාතික සන්ධානය සමඟ හෝ එක්වන බව ආන්ඩුවේ තවත් හවුල්කාර පක්ෂයක් වන  හිටපු නැගෙනහිර මහ ඇමැතිගේ දෙමළ මහජන ඊලාම් පක්ෂය ද ප්‍රකාශ කර තිබේ.

ආන්ඩුවේ දෙමළ ඇමැතිවරයයකු වන ඊපීඩීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා කියන්නේ ද 13 වන සංසෝධනය වෙනස් කිරීමට තමන් සහාය නොදෙන බවයි.

මේ අතර විශ්ණුගුප්ත යන අන්වර්ථ නමින් සිලොන් ටුඩේ පුවත් පතට ලිපියක් සපයන ලේඛකයා ස දහන් කරන්නේ රාජපක්ෂවරැ 13 වන සංසෝධනය වෙනස් කළහොත් කච්චතිව් දූපත යළි අල්ලා ගැනීම, නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මන්ඩළ රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීම හෝ කොළඹ වරාය හරහා ඉන්දියාව කරන දැවැන්ත වෙළද නාවික ගමනාගමනය නතර තිරීම යන තුනෙන් එක් පියවරක් ඉන්දියාව ගැනීමට ඉඩ ඇති බවයි.

ඔහු  කියන්නේ 13 වන සංසෝධනය ජනාධිපති රාජපක්ෂගේ දේශපාලන උපායශීලී බව පිළිබඳ  අබියෝගයක් බවට පැමිණ ඇති අතර ඔහු හමුවෙහි ඇති  තෝරා ගැනීම් සීමා සහික බවයි.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: