you're reading...
වර්ගීකරණය නොකළ, News/ප්‍රවෘත්ති

මාව විශ්වාස කරන්නැයි කියා මහින්ද රාජපක්ෂ ඇමෙරිකාවට කී කතා

MahindaRajapaksa3-300x176

යැවුවා උන් ඔක්කොම කඩේ!

මහින්ද රාජපක්ෂ බලයට ආවේ ප්‍රධාන වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඔහු වෙනුටවන් ගෙන ගිය දැවැන්ත මැතිවරණ ව්‍යාපාරය නිසා ය. ඒ බව අවිවාදිත කරැණකි. එසේ නමුත් රාජපක්ෂ ජවිපෙ පාලනය කිරීමට තමා දන්නා බවත් ඔවුන් විශ්වාස කළ නොහැකි බවත් ඒ කාලයේම ඇමෙරිකානුවන්ට කීවේ ය. ජුලියන් අසංජේ විසින් ප්‍රසිද්ධ කළ  විකිලීක්ස් කේබල්වලින් මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම දෙබිඩි කතා අපූරැවට හෙළි වේ.
මේ කේබල් පණිවුඩය අමෙරිකානු තානාපති යවා ඇත්තේ 2005 සැප්තැම්බර් 12ය.

“මාව විශ්වාස කරන්න. මම පොරොන්දු ඉටු කරන කෙනෙක්. මම ගමකින් ආපු කෙනෙක්. බොහොම අමාරුවෙන් මෙතැනට ආපු කෙනෙක්. සාම ක්‍රියාවලිය මම ඉදිරියටම අරන් යනවා”

මහින්ද එලෙස කියන විට තානාපතිවරයා කියා ඇත්තේ ජවිපෙ සමඟ අස්සන් කළ ගිවිසුමෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ ආපස්සට යන බවය. මහින්ද එය ප්‍රතික්ෂේප කළ බව තානාපතිවරයා ලියා ඇත.

“ගිවිසුම ජාත්‍යන්තරකරණය පිළිගෙන තියෙනවා. ප්‍රධාන රාජ්‍ය ආයතන කීපයක් පුද්ගලිකකරණය වැරැදි බව සඳහන් කරල තියෙනවා. එච්චරයි…”

මහින්ද ඇමෙරිකානු තානාපතිට කියා ඇත.
 
“ජවිපෙ රෝල් මොඩ්ල් එක ෆිදෙල් කැස්ත්‍රෝ, හියුගෝ චාවේස්, කිම් ජොන්ග් නේද? එවැනි රෝල් මොඩ්ල් එකකින් ලංකාවේ සංවර්ධනයට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්”

තානාපති මහින්දගෙන් අසා ඇත.

“ජේවීපී නායකයෝ දැන් යන්නේ ජපානයට. දැන් ඔවුන් වෙනස් වෙලා. ඔවුන්ගේ මොඩ්ල් එක දැන් ජපානය”

මහින්ද තානාපතිට කියා ඇත්තේ සිනාසෙමිනි.

මේ එම කේබල් පණිවුඩයත් එක්කම තානාපතිවරයා යවපු තුන්වැනි කේබල් පණිවුඩයය.

“ගිවිසුම අස්සන් කළේ නෝර්වීජියානු මැදිහත්කරුවන් ගෙදර යවන්නද?”

ඇමෙරිකානු තානාපති මහින්දගෙන් එසේ අසා ඇත.

“නැහැ. වෙන කාටවත් නෝර්වේජියන්ස්ලාගේ ජොබ් එක කරන්න බැහැ”

මහින්ද එහෙම කියා ඇත්තේ තානාපතිවරයාටය.

“එහෙනම් ඇයි ඔබ ඒක ප්‍රසිද්ධියේ නොකියන්නේ”

තානාපති මහින්දට එලෙස කියා ඇත.

“මම ඒක කිව්වොත් මම ඡන්දෙන් පරාදයි. දකුණේ ජනතාවගෙන් 98%ක් හිතන්නේ නෝර්වීජියානුවන් එල්ටීටීඊයට පක්ෂපාතීයි කියලයි. මම ඔබට සියයට සියයක්ම සහතික වෙනවා සාම ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ…”

මහින්දගේ උත්තරය ඒකය.

පහත දැක්වෙන්නේ සැප්තැම්බර් 12 වැනි දිනම තානාපති යවපු හතරවැනි කේබල් පණිවුඩයයි.

සාකච්ඡාව ඉදිරියට ඇදෙද්දී ජාතික හෙළ උරුමය සමඟ අස්සන් කළ ගිවිසුම සහ හෙළ උරුමයේ අන්‍යආගමික පනත ගැන තානාපතිවරයා ප්‍රශ්න කර ඇත.

“ඒක තවම පාර්ලිමේන්තුවේ තියෙන්නේ. හැබැයි ඒක ඉවරයි. මම හෙළ උරුමයට කියල තියෙන්නේ ඒක අමතක කරන්න කියල”

මහින්ද කියා ඇත්තේ අත එහාට මෙහාට වනමිනි.

මේ විකිලීක්ස් කේබල්වලින් හෙළිදරව් වන මහින්දගේ චරිතය ය. ඉන් පෙනේනනේ ජවිපෙ පමණක් නොව හෙළ උරැමය ද ඇමෙරිකාවද තමා වෙනුවෙන් කඩේ යැවීමට ඔහු දක්ෂයකු වූ හැටිය.

මේ දිනවල රාජපක්ෂවරැන්ගේ ගේම නම් ඉන්දියාව කඩේ යැවීමය. පෙනෙන විදිහට ඉන්දියාව මෙවර රාජපක්ෂවරැ වෙනුවෙන් කඩේ යෑමට සූදානම් නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු මව්බිම පුවත්පතට ලියූ ලිපියක සදහන් කරැණු ඇසුරින් ලියන ලදී

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: