you're reading...
News/ප්‍රවෘත්ති

ගෝඨා හරි ෂෝක්! පාතාලේ ඔක්කොම නැති කරනවා! – නමුත් එය ඇත්ත නොවේ.

mamasmi_2

තමා මරා දමන්නේ දේශපාලනඥයින් විසින් බව මාස්මි දැන සිටියේ ය

අන්වර් මනතුංග විසිනි
මාමස්මිගේ මරණය සම්බන්ධ පිටපත කියවු මගේ මතකය දිවගියේ මීට වසර කිහිපයකට පෙර මේ ආකාරයටම මියගිය රාගම මධුර නැමැති අපරාධකරුගේ මරණය සිදුවු ආකාරය සම්බන්ධ සිදුවීමයි. රාගම මධුර මියගියේද මේ හා සමානව අතේ දා තිබුණු මාංචු වලින් පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිරකිරීමට යාමෙන් බව එකල මාධ්‍ය වල සටහන් විය. එමෙන්ම මාමස්මි මියගියේ තමන් සැඟවු ආයුධ පෙන්වීමට යාමේදී බව තවත් පොදු සාධකයකි. මේ වන විට බොහෝ පාතාල කල්ලි නායකයන් තමන්ගේ ආයුධ පෙන්නන්නට යාමේදී ඇති වු සිද්ධි වලින් පොලිස් වෙඩි පහරින් මියගිය බව අප මාධ්‍ය මගින් අසා ඇත්තෙමු. මෙවැනි ආකාරයට පාතාල කල්ලි නියකයන් මියයාම වැඩි වශයෙන්ම වාර්තා වන්නේ වත්මන් ආරක්ෂක ලේකම් වරයාගේ පාලන කාලය තුලයි.

ගෝඨා හරි ෂෝක්! පාතාලේ ඔක්කොම නැති කරනවා! සමහරෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එය ඇත්ත නොවේ. පවතින හැම රජයක්ම කරන්නේ තමන්ට ගැති නැති, තමන්ගේ කකුල් ලෙවකන්නේ නැති පාතාල නායකයන් විනාශ කර තමන්ට ගැති තමන්ගේ කකුල් ලඟ දැවටෙන පාතාලයක් නිර්මාණය කර ගැනීමයි. වත්මන් රජයේ පාලන කාලය තුල විශාල වශයෙන් පාතාල සමාජිකයන් ඝාතණය කළද පාතාලය නැති වුවාද? නැත. ඒ වෙනුවට අද ඒ සෑම පලාතකම පාතාල ක්‍රියාකාරකම් පෙර පරිදිම සිදුවේ. මත්කුඩු ජාවාරම් පෙර පරිදිම සිදුවේ. නමුත් වෙනස නම් අද ඒ සෑම ස්ථානයකම සිටින්නේ ආන්ඩුවට ලැදි, ආන්ඩුවේ ආරක්ෂාව ලබන පාතාල කල්ලි පමණි. වත්මන් දේශපාලන දහරාව තුල පාතාලය නොමැතිව දේශපාලනයක් කළ නොහැක. විපක්ෂ වුවද සල්ලිකාර අපේක්ෂකයන් පක්ෂයට එකතු කරගන්නේ පාතාල කල්ලි සමග සම්බන්ධතා ඇති කරගැනීමට මුදල් අවශ්‍ය හෙයිනි.

මියගිය මාමස්මි නැමැත්තා මාලිගාවත්තේ අවසන් මුස්ලිම් පාතාල කල්ලි නායකයා ලෙස මාධ්‍ය මගින් හඳුන්වා ඇති බව මා දුටුවෙමි. එසේ නම් මාලිගාවත්තේ පාතාලය මින් අවසන්ද? මාලිගාවත්තේ කුඩු මින් පසු නැතිද? ඇත්ත එය නොවේ. මාලිගාවත්තේ පාතාලය තවමත් ඇත. මත්කුඩුත් තවම ඇත. වෙනස නම් අද මාලිගාවත්තේ පාතාල කල්ලි කළ සියළුම දේ පවත්වාගෙන යන්නේ රජයට සම්බන්ධ දේශපාලකයන්ගේ අනුදැනුමින් ඔවුන්ගේ හෙංචයියන් විසිනි. වත්මන් ජරාජීර්ණ දේශපාලන දහරාව පවතින තුරු පාතාල කල්ලි මෙරට පවතිනු ඇත. එලෙස පාතාල කල්ලි පවතින තාක් මෙරටින් මත්කුඩු තුරන් කිරීමට නොහැකි වනු ඇත.

මාමස්මි මෙතෙක් කලක් අසුකර ගත නොහැකි වුයේ ඔහු මුස්ලිම් කාන්තාවක් අඳින ආකාරයෙන් මුහුණ වසාගෙන සිටින නිසා බව මාධ්‍ය මගින් වාර්තා කිරීම නිසා අද අන්තවාදීන් අමන්දානන්දයට පත්ව ඇත. ඒ එමගින් මුස්ලිම් කාන්තා වස්ත්‍රයට පහර දීමට අවස්ථාවක් ලැබෙන හෙයිනි. මා ඔවුන්ට අභියෝග කරන්නේ මාමස්මි අසුවන විට ඇඳ සිටියේ මුස්ලිම් කාන්තාවක ලෙසට බව පොලිස් වාර්තා වල දැක්වේ දැයි ඔප්පු කරන ලෙසයි. මා විසින් සොයා බැලු කරුණු අනුව ඔහු මුස්ලිම් කාන්තාවක වේෂයෙන් සිටිතැයි රාවයක් පසුගිය කාලයේ මාධ්‍ය මගින් පලවිය. නමුත් ඔහු අසුවන විට සිටියේ මුස්ලිම් කාන්තාවක වේෂයෙන් නොවේ.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: