you're reading...
News/ප්‍රවෘත්ති

මිනිස් ඝාතනයට ස්තුති කරන අලුත් බුද්ධාගමක්

devadatta

පව්කාර දේවදත්ත පොළවට ගිලා බැස්සේ මෙවැනි දුශ්ශිල ක්‍රියා නිසා ය

 පර පව් නෙනෙසන බවට උදේ සවස ගාථා කියන  බෞද්ධයිනට දැන් අලුත් බුද්ධාගමක් තිබේ. ඒ බුද්ධාගම අනුව මිනිසකු මරා දැමීම සතුටට කාරණයකි.
බුදුන් වහන්සේ වදාළේ කිසිවකු නකියන  නිසා නොව මයක් සැබෑ නම් පමණක් පිළිගත යුතු ය කියා ය. නමුත් මේ අල්ත් බුද්ධාගමට අනුව පොලීසිය කියන දේ බුදු බණට ඉහළින් යන සැබෑවකි.
මේ බුද්ධගමේ නායකයා වන පදමට මත් පැන් බී අනවසරයෙන් ලොරියක් පදවා මිනිසකු යටකළ ඥනසාරට අනුව මාස්මි නම් මුස්ලිම් ජාතිකයා මරා දැමීම ගැන අප සතුටු විය යුතු ය‍

ප්‍රකාශණයක් නික්‍රත් කරන ඥානසාර  කියන්නේ මාස්මි මරා දැමීම ගැන ආන්ඩුවට ස්තුතිවන්ත වියයුතු  බවය.

අධිකරණයකින් වරදකරුවන තුරැ සෑම මනුෂ්‍යකුම නිර්දෝශිය යන ප්‍රජාතන්ත්‍රවාදී පිලිගැනීම මෙම අලුත් බුද්ධාගමට අයත් නැත. එ වෙනුවට එය කියන්නේ ඥණසාර වැනි  සිවුරැ ලා ගත් අයෙක් අධිකරණයෙන් දඩුවම් ලදත් නිවැරදිකරැ බවත් මාස්මි වැනි මුස්ලිම් ජාතිකයකු අධිකරනයකට ඉදිරිපත් කිරිමට පෙරම වරදකරැ වන බවත් ය.

බුදුන් නම් වදාළේ  උපතින් කිසිවකු වසළයකු නොවන බවත් වසළයා හදුනා ගත් හැක්කේ ක්‍රියාවෙන් බවත් ය.

සාදූ!සාදූ!! සාදූ!!!

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: