you're reading...
News/ප්‍රවෘත්ති

13 නැතොත් අන්තර් ජාතික තලයේ ලංකාවට ඉන්දියානු සහයෝගයක් නෑ

lead-Witty-World-300x225

රාජපක්ෂ චෙක් මේට් වෙයිද?

පොරොන්දු ප්‍රකාර කටයුතු කරමින් ඉන්දු ලංකා ගිවිසුමට  අන්ව පිහිටුවන ලද පළාත් සභා ක්‍රමය සහ 13 වන ව්‍යවස්ථා සංසෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට මින් මතු අන්තර් ජාතික තලයේ දී කිසිම සහයෝගයක් නොදෙන බව ඉන්දීය අගමැතිවරයා දන්වා එවා තිබේ. මේ බව වාර්තා කරන්නේ ඩී.බී.එස්. ජෙයරාජ් නම් කැනඩාවේ සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දීර්ඝ වාර්තා සපයන ජනමාධ්‍ය වේදියා විසිනි. ඔහු කියා සිටින්නේ පසුගිය සතියෙහි ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව ශංකර් මෙනන් විසින් මේ බව කෙලින්ම ජනාධිපති රාජපක්ෂට දැනුම් දුන් බවයි. ජනාධිපති රාජපක්ෂ සමඟ තනි තනි සාකජ්චා වට තුනක් පැවැත් වූ මෙනන මේ බව කියා ඇත්තේ උදෑසන ආහාර මේසයේ දී ය.

මේ අතර දෙමළ ජාතික සංධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය සමඟ පැවැත් වූ සාකජ්චාවලදී ඉන්දියාව බලය බෙදීමේ 13 වන සංසෝධනය ආරක්ෂා කිරීමට තදින්ම කැප වන බවත් රාජපක්ෂ ආන්ඩුව පළාක් සභා ක්‍රමය බල රහිත කළ හොත් ශ්‍රී ලංකාවට බරපතල පාඩු විදීමට සිදුවනු ඇතියි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක මෙනන්  කියා සිටි බව ද වාර්තා විය.

එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා දියාරැ කිරීමට ඉන්දියාව මෙයට පෙර කටයුතු කළ අතර ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය මෙන් ශ්‍රී ලංකාවේ අන්ත්ර් ජාතික මැදිහත්විමක් ඉල්ලා ඉන්දියාව ද කටයුතු කළ හොත්  ශ්‍රී ලංකාව මුහුණ දෙනු ඇත්තේ ඉතාම බරපතල තත්ත්වයකට ය.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: