you're reading...
Articles / ලිපි

ඥානසාර හිමියනි; මෙන්න අර නඩු කොපිය

paprasi_360px_06-04-13‘බොදු’ බල සේනා සංවිධානයේ අණ දෙන නිලධාරී ගලගොඩඅත්තේ ඥානසාර හිමියනුත් එහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන එම සේනාවත් විසින් විටින් විට පුවත් මවනු ලබයි. බැලූ බැල්මට ඒ පුවත් වැදගැම්මකට නැති ඒවා සේ හැඟී ගියත් දූපත තුළ රළ නඟමින් එන ඊළඟ රුධිර ගංගාව ගැන සංඥාවන් එම සිදුවීම් පෙළ යටින් මතු වන නිසා පුවත්පතක් ලෙස ‘ජනරළ’; කාටත් කලින් ‘බොදු’ බල සේනාව එන පාර පාඨකයන්ට පෙන්වා දුන්නේය. :සැ.යු.මෙහි අවසානයේ එවැනි සිදුවීම් පෙලගස්වා ඇත.*
‘බොදු’ බල සේනාව බුද්ධාගමේ සන්නද්ධ අංශයදැයි ඇසුවේ අප නොව ආණ්ඩුවේම ඇමැතිවරයකු වන රාජිත සේනාරත්නය. අප එබඳු කතා කියන්නේ නැත. මක් නිසාද යත් ආණ්ඩුවේ සියලූ සන්නද්ධ අංශ ‘බුද්ධාගමේ’ බව අප දන්නා නිසාය. වෙසක් උත්සව – පොසොන් උත්සව කරන හමුදාව හෝ පොලිසිය නත්තල් උත්සව හෝ දීපවාලි උත්සව නොපවත්වන බව නොදන්නේ කවුද? එය අතුරු කතාවකි. දැන් අපි මාතෘකාවට එමු.
දෙරණ රූපවාහිනී නාලිකාවේ දිල්කා සමන්මලීට මරණ තර්ජන එල්ල වන බව පසුගිය දා වාර්තා විය. ඒ ‘බොදු’ බල සේනාවේ අණ දෙන නිලධාරී ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමඟ පැවැත්වූ සාකච්ඡුාවකින් අනතුරුවය. එකී වැඩසටහන අතරතුර දී ආරාධිතයා එලොවක් දෙලොවක් නොපෙනෙන ගාණට කලබල වූයේ එක්තරා ප‍්‍රශ්නයකින් පසුවය. එම ප‍්‍රශ්නය නම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බීමත්ව රිය පදවා පොලිසියෙන් දඩ කෑ කතාව ඇත්තක්ද යන්නය. එවිට එහිමියන් බෙහෙවින් දුර්මුඛ වූ අතර නිවේදිකාව දිගින් දිගටම ප‍්‍රශ්න කරද්දී ලිස්සා යාම හැර වෙනත් විකල්පයක් එහිමියන් සතු වූ බවක් නොපෙනිණි.

මේ කතාව ඇත්තද? රූපgnanasara2වාහිනී පේ‍්‍රක්ෂකයන් තුළත් අපගේ පාඨකයන් තුළත් පොදුවේ ජනතාව තුළත් මතු වන ප‍්‍රශ්නය එයයි. දැන් අපි ඒ වාර්තාව පළ කරන්නෙමු. එවිට එය ඇත්තද නැත්තද කියා දැනගත හැකිය.
ඥානසාර හිමිගේ නඩුව අසා ඇත්තේ 2000 වර්ෂයේ මැයි 22 දාය. නඩු වාර්තාව අනුව අංක 6 ශ‍්‍රී 5444 දරන කාර් රථය පදවා වැරැුදි 9ක් සිදු කර ඇත. ඒ වැරැුදිවලට ‘‘මම වැරැුදිකරු වෙමි’’ යි කියා වරද පිළිගෙන ද ඇත. පාන්දර දෙකට මිනිසකුට බරපතළ තුවාල වන පරිදි ත‍්‍රීවීල් රථයකුත් හප්පාගෙන බීමතින් රිය පදවාගෙන ගියේ සිංහල ජාතිය බේරා ගැනීම සඳහා වූ හදිසි කටයුත්තකට විය යුතුය.

අප මේ නඩු කොපිය පළ කරන්නේ හේතු තුනක් මතය. එකක් නම් අද ගෝඨාභය රාජපක්ෂලාගේ අනුහසින් නීතිය අතට ගෙන කටයුතු කරන අය එදා ඔය නීතියෙන්ම වැරැුදිකරුවන් වූ අය බව පෙන්වීමටය.
අනෙක් කාරණාව මෙයයි. මත්පැන් පානය කිරීම පිළිබඳ විවෘත සමාජයී ය අදහසක් අපට ඇත. එහෙත් මත්පැන් නිසා කවුරුන් හෝ තමන්ගේ සමාජ ජීවිතය අවුල් කරගනී නම් එය ප‍්‍රශ්නයකි. මත්පැන් සම්බන්ධයෙන් පටු සදාචාර සීමාවක අප සිර වී නැතත් බෞද්ධයන්ට ඒ පිළිබඳ වෙනම අදහසක් තිබේ. බෞද්ධ භික්ෂූන් හා මත්පැන් සම්බන්ධයෙන් බෞද්ධයන් අතර මුල්බැස ගත් ප‍්‍රතිපත්තීන් තිබේ. බෞද්ධයන්ගේ ‘සන්නද්ධ අංශය’ බඳු බල සේනාවන් අටවාගෙන අබෞද්ධයන්ගේ රුධිර මාංශය ඉල්ලන උදවිය අන්න ඒ බෞද්ධ ප‍්‍රතිපත්ති රකින්නේ කෙසේද කියා පෙන්වීම දෙවැනි හේතුවයි.

gnanasara3තුන්වැනි හේතුව වන්නේ අවුරුදු දහ තුනකට පෙර කරන ලද වරදක නඩු කොපියක් අවුරුදු දහතුනකට පසු එළියට එන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම මේ ආත්මයේම පළ දෙන නිසා නොව දේශපාලනයේ තක්කඩිකම් කළහොත් ලේසියෙන් බේරී යා නොහැකි බව ඒත්තු ගැන්වීමට උවමනා වීමයි.
—————
බොදු බල පුවත් කිහිපයක් ලූහුඩින්

◾‘බොදු’ බල සේනාව බලහත්කාරය යොදා අත්පත් කරගෙන සිටි ගාල්ල පිලානේ මෙත් සෙවණ ආයතනයට අයත් දේපළ; එහි නීත්‍යනුකූල අයිතිකරුවන්ට භාර දීම සඳහා ගිය පිස්කල් නිලධාරියාව පසුගිය ජුනි 25 දා පන්නා දමා ඇත. එහෙයින් ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වූ 2773 අංකය දරන නඩුවේ තීන්දු ප‍්‍රකාරව අදාළ දේපළේ නීත්‍යනුකූල හිමිකරු වූ බටගොඩගමගේ අසංග අමරසිරි වෙත එම දේපළ පැවරීමට නොහැකිව ඇත. හබරාදුව පොලිසියේ නිලධාරීන් එතැන සිටිය ද ඔවුන් කිසිදු මැදිහත් වීමක් නොකර ‘ප‍්‍රශංසනීය’ ලෙස අපක්ෂපාතීව සිටි බව වාර්තා වේ.

◾‘‘කුලය පදනම් කරගනිමින් සාමණේර හිමිවරු ලියාපදිංචි කිරීම පිළිබඳව නායක හාමුදුරුවරුන් සමඟ ඇති වූ මත ගැටුමකින් පසුව, බලහත්කාරයෙන් මැදිහත් වුණු ඥානසාර හිමියන් මාව පන්සලෙන් පන්නා දැම්මා. සාමණේර හිමිවරුන් රැුගෙන මම දැන් ඉන්නේ ගෙදරක කාමරයක් කුලියට අරගෙන.’’ යනුවෙන් මැලැව්වේ කල්‍යාණ ධම්ම නමැති හිමිනමක් ඊඊක්‍ සංදේශයට පවසයි. ‘බොදු’ බල සේනා මූලස්ථානය ඉදිරිපිට දී තමන්ට පහර දුන් බව ද එහි දී තමන්ගේ දතක් අහිමි වූ බව ද ඒ හිමියන් වැඩිදුරටත් කියා සිටියි.

◾සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සැලැසුම් ඒකකයේ අනුමැතිය සහිතව රත්නපුර නව නගරයේ නොම්මර 240 දරන ස්ථානයේ පවත්වාගෙන ගිය ආයතනයක්; සිංහල ජාතිය වඳ කිරීම සඳහා සැත්කම් කරන ස්ථානයක් යැයි කියමින් වටලා ඇත. සෝදිසි වරෙන්තුවක් නොමැතිව පොලිසියටවත් (අපේ නීතිය නොව උන්ගේම නීතිය අනුව* ස්ථාන පරීක්ෂා කළ නොහැකි වුවත් බො.බ. සේනාවට ඒ කිසිවක් අදාළ වී නැත.

◾‘බොදු’ බල සේනා සංවිධානය වෙසක් උත්සවය මඟ හැර ගිය බව මාධ්‍ය වාර්තා කරයි. රට පුරා බෞද්ධයන් විවිධ උත්සව කටයුතු කරද්දී බෞද්ධයන්ගේ අයිතිකරුවන් ලෙස පෙනී සිටින බො.බ. සේනාව වෙසක් මඟ හැරීම ගැන එම මාධ්‍ය සැක පළ කරයි.

◾‘‘නීති රෙගුලාසි තියෙන්නෙ බෞද්ධයන්ගෙ අයිතීන් කප්පාදු කරන්න විතරයි. (මේ කියන්නේ බීමත්ව රිය පදවා දඩ කෑම ගැන නොවේ.* අනිත් හැමෝටම පිනුම් ගහන්න පුළුවන්. හුරතල් වෙලා නපුංසකයො වගේ මේ ප‍්‍රශ්න විසඳන්න බෑ.’’ ජුනි 25 මාධ්‍ය හමුවක දී ඥානසාර හිමි දහම් සිසිලෙන් රට නහවයි.

◾තලාහේන – අරලිය පෙදෙසේ කල්වාරි දේවස්ථානයට 2008 ජූලි 07 වැනිදා පහර දී එහි තිබූ රන් මාලයක් කොල්ල කෑම සම්බන්ධ නඩුවක් විභාග කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13 දෙනකු නම් කර ඇත. නඩුව යළි ජූලි 11 කැඳවේ.

◾අසත්‍ය ප‍්‍රකාශ සිදු නොකරන ලෙසත් ‘ජාතික මෙහෙවරෙහි’ යෙදෙන හිමිවරුන්ට හිරිහැර නොකරන ලෙසත් ඉල්ලා ‘බොදු’ බල සේනා සංවිධානයේ හිටපු විමර්ශන ප‍්‍රධානී මහමිතව පඤ්ඤාරතන හිමි, බො.බ.සේ. අණ දෙන නිලධාරී ඥානසාර හිමිට ලිපියක් යවයි. මීට පෙර අවස්ථාවක මහමිතව හිමියන්ව පැහැරගෙන ගොස් කාමරයක සිර කර අඩන්තේට්ටම් කළ බව ද එහිමියන් විසින් හෙළිදරව් කරනු ලැබ තිබිණි.

◾නෝර්වේ තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් වසර කිහිපයකට පෙර ඥානසාර හිමි ඇතුළු පිරිසක් නෝර්වේ සවාරියක යෙදුණු බව එහි සිටින එකම ගිහි නිලධාරියා වන ඩිලන්ත විතානගේ ඒෂියන් ටිබි‍්‍රයුන් වෙබ් අඩවියට පවසයි.

විමල් කැටිපෙආරච්චි/ජනරළ

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: