you're reading...
News/ප්‍රවෘත්ති

තහනම් කළ ප්ලයින් පිෂ් හැදුවේ මොහාන් පීරිස්ගේ මස්සිනා

37646_1ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාවන්ට අනුව සංජීව පුෂ්පකුමාර නැමැති දේශද්‍රෝහී චිත්‍රපට අධ්‍යක්ෂවරයා රණවිරුවන් අවමානයට ලක් කිරීම සඳහා තනා ඇති ‘ඉගිල්ලෙන මාලුවෝ’නොහොත් ‘ප්ලයින් පිෂ්’චිත්‍රපටය නිපදවීම සඳහා දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගෙන ඇත්තේ ‘මනෝහාන්’ නැමැති ද්‍රවිඩ ජාතිකයෙකු හරහාය.

ස්වාධීන රූපවාහිනිය ට දේශද්‍රෝහී ද්‍රවිඩ ජාතිකයෙකු වන ‘මනෝහාන්’ ගේ සම්පූර්ණ නම ලක්ප්‍රිය මනෝහාන් නානායක්කාරයි. මොහු වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ මස්සිනා වේ. එනම් අගවිනිසුරු බිරිඳ ප්‍රියන්ති පීරිස් නානායක්කාරගේ එක කුස ඔත් සොහොයුරා වේ. දේශද්‍රෝහී මනෝහාන් යනු දේශප්‍රේමී රණවිරු මේජර් ජෙනරාල් ජගත් ඩයස් ගේ මහප්පාගේ පුතාය

ලක්ප්‍රිය මනෝහාන් නානායක්කාර යනු ‘Asia Capital Insurance Brokers’සමාගමේ සභාපතිවරයා වේ. මොහු මේ වන විට චිත්‍රපට 5 කට ආසන්න ප්‍රමාණයක් නිශ්පාදනය කරන ලද්දෙකි. ඒ අතරින් සම්මානලාභී අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් ගේ ‘වෛශ්‍යනාවි’ සහ නීටා ප්‍රනාන්දුගේ ‘ස්වර’ චිත්‍රපට වේ. චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘Common Man’ චිත්‍රපටයේ නිශ්පාදකවරයාද වන්නේ මනෝහාන් ය. එම චිත්‍රපටය සඳහා මනෝහාන් වැය කර ඇති මුදල මිලියන 250 කි. ගාන්ධි චරිතය රඟ පෑ සුප්‍රකට ශ්‍රීමත් බෙන් කිංග්ස්ලි මෙහි ප්‍රධාන නළුවා වේ. චිත්‍රපට සඳහා මිලියන ගණන් වියදම් කර ඇති මනෝහාන් ‘ප්ලයින් පිෂ්’ දේශද්‍රෝහී චිත්‍රපටය සඳහා වියදම් කොට ඇත්තේ රුපියල් ලක්ෂ 25 කි.

ලක්ප්‍රිය මනෝහාන් නානායක්කාර විවාහ වී සිටින්නේ චරණී නානායක්කාර සමගයි. චරණී යනු විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් මහතාගේ දියණියයි. චරණිගේ කලින් සැමියා වන්නේ ජනාධිපති රහස්‍ය මූල්ය උපදේශක ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනයි. සජින් වාස් ගුණවර්ධන ජේෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් මහතාගේ දියණිය හා විවාහ වන්නේ තමන්ගේ මගෝඩි වැඩවලින් ආරක්ෂා වීම සඳහා ය. සජින් වාස් ගුණවර්ධන ගේම් කාරයෙකු බව දැන ගන්නා කාලයිල් මහතා තමන්ගේ දියණියව ඔහුගෙන් දික්කසාද කරවා ගෙන ඇත. සජින් වාස් ගුණවර්ධනට කළුබෝවිල පන්සල පාරේ පදිංචි කාලයිල් පවුලෙන් පලි ගැනීම සඳහා දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව මනෝහාන් ද්‍රවිඩ ජාතිකයෙකු වී දේශද්‍රෝහී චිත්‍රපට නිශ්පාදකයෙකු වී ඇත. මෙකී සමස්ථ ක්‍රියාදාමය පිටුපස සිටින්නේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනයි.

ලංකා ෙවබ් නිව්ස්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: