you're reading...
News/ප්‍රවෘත්ති

හිටපු පොලිස් ප‍්‍රකාශක ජීවිතාරක්ෂාවට පලා යයි; ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතයි

prishantha-jayakody

එස්එස්පී ජයකොඩි- අලුත්ම ගොදුර

කලක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද පසුව රත්නපුර දිස්ත‍්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසද කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පි‍්‍රශාන්ත ජයකොඩි මහතා ඕස්ට්‍රේලියාවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා තිබෙන බව වාර්තා වේ.
මේ බව වාර්තා කරන “ලක්බිම“ පුවත් පත සඳහන් කරන්නේ ඔහු සේවය අතහැර ගිය අයෙකු ලෙස සලකන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසා තිබෙන බවයි.

ඉකුත් ජුනි 29 වෙනිදා පෞද්ගලික සංචාරයක් සඳහා ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති ඒ මහතාගේ නිවාඩු කාලය ජුලි මස 10 වෙනිදායින් අවසන්ව තිබේ. එහෙත් ඔහු මේ වනතෙක් සේවයට වාර්තා කර නැති අතර භාවිත කළ නිළ මෝටර් රථයද මේ වනවිට පොලිස් මූලස්ථානය භාරයට ගෙන තිබෙන බව සඳහන්ය.

පි‍්‍රශාන්ත ජයකොඩි මහතාට විවිධ දේශපාලනික බලපෑම් එල්ල වූ බවද පසුගිය කාලයේ ඇතැම් මාධ්‍ය තොරතුරු මගින් ඒ බව අනාවරණය වූ බවද වාර්තා වේ.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: