you're reading...
News/ප්‍රවෘත්ති

ඥානසාරගේ අභියෝගයට අන්වර් මනතුංගගේ පිළිතුර

mqdefaultගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා ඊයේ තමන් සිවුරු හරින බවට අභියෝගයක් කරලා. ඒ ඩිලාන් ඇමතිවරයා  සඳහන් කර තිබු පරිදි, බොබසේ එකම මුස්ලිම් අයකුට, මුස්ලිම් කඩයකට හෝ මුස්ලිම් පල්ලියකට පහරදී  තියන බවට ඔප්පු කලොත් කියලයි. ඥානසාරට සිවුරු හරින්න අපි එක දෙයක් ඔප්පු කළා ඒ ඥානසාර බේබද්දෙක් ලෙස රිය පදවා ත්‍රිරෝධ රථ රියදුරෙක් යටකළ බවටයි. ඒ ගැන දිල්කා අහන විට ඥානසාර කළේ අපි වෙන ප්‍රශ්නයකට යං කියා ඉල්ලපු එකයි. ඒ කියන්නේ ඥානසාර මේ වගේ අභියෝග කරන්නේ සාක්ෂි ඇඩ්‍රස් නැතිවෙන්න කරපුවාට විතරයි කියලයි.
ඥානසාර මෙම අභියෝගය කරමින් කියා සිටින්නේ තමන් සිවුරු අතහැර හමුදාවට බැදෙන බවයි. හමුදාවට බදවා ගැනීමට නිශ්චිත වයස් සීමාවක් ඇත. ඊට වඩා පුත්තලම් බුරුවන් හතරදෙනෙකුගේ පමණ අය හමුදාවට බදවා නොගනිති. අවශ්‍ය නම් ඉහළ නිලධාරීන්ගේ කාර්යාල වල සේවක කරන සනීපාරක්ෂක සේවකයෙක් ලෙස බැදී. වැසිකිලි සේදීම වැනි කාර්යයන් කළ හැකි බව අප ප්‍රකාශ කරමු.

කෙනෙක් ලියා තියෙනවා අන්වර් චීවරධාරියා කියලා භික්ෂුන් වහන්සේලාට කියන එක වැරදියි මොකද භික්ෂුත්වය නැතිවෙන්නේ සතර පරාජිකා එනම් ප්‍රාණ ඝාතය (සත්ව ඝාතනය), බොරු කීම, මෛ ථුනය (ලිංගික සංසර්ගය), නැති ගුණ දැක්වීම වැනි කරුණු නිසා කියලයි. මේකේ හැටියට කසිප්පු පෙරුවත්, ගංජා වික්කත් කොටින්ම කුඩු ගැහුවත් අපි කියන්න ඕන ගරුතර ස්වාමින් වහන්සේ කියලයි. බේබද්දන්ට එහෙම ගරුසරු දක්වන්න අන්‍යාගමික අපිට පිස්සු නැහැ. ඒක ඔයාලගේ ආගම ඇතුලේ තියාගන්න ලෙස මම ඉල්ලා සිටිනවා. තවත් අයෙක් මම සංඝබේධය ඇතිකරන බවත් එසේ වුවහොත් මම අනන්තරීය පාපකර්මයට අසුවන බවත් දක්වා තිබුණා. මට කියන්න තියෙන්නේ සංඝබේධය ඇති කරන්න දෙයක් නැහැ. බේධ වෙලයි ඉන්නේ නිකාය වලට, පක්ෂ වලට, කුල වලට, සංඝ පරපුරු වලට කැඩිලා, කැඩිලා අපිට කඩන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.

අපේ රට ලෝකේ අනිත් රටවල් ඔක්කොටම වැඩිය වෙනස්, මහදවල් මිනිහෙක්ව ගස් බැඳලා නිවැරදි කරුවා වෙන්න පුළුවන්. ගුරුවරියක් දණගස්වා සාක්ෂි නැති කරන්න පුළුවන්. ඒ කියන්නේ බලය තියෙන එකා මොනවා කළත් ඒකට විරුද්ධව සාක්ෂි නැහැ. බොදුබලසේනාව, සිංහල රාවය වැනි අන්තවාදීන් පහුගිය දිනවල කරපු ඔක්කොම කළේ සාක්ෂි නැතිවෙන විදිහටයි. මස්කඩ කුඩු කෙරුවා, ගිනි තිබ්බා, වාහන ගිනිතිබ්බා, පල්ලි කැඩුවා, ඌරු මස්/ලේ දැම්මා මේ ඔක්කොටම සාක්ෂි නැහැ. එතකොට මේ ඔක්කොම කළේ බහිරවයද? වෙන කිසිම හේතුවක් නැහැ. මේවට රටේ ඉහලම ආරක්ෂක තනතුරු අනුග්‍රහය දක්වනවා. සමහර ඒවට සාක්ෂි තිබුණ ඒවත් පොලීසිය විසින් නැති කළා. මේ ඔක්කොම කරලා දැන් ඥානසාරයා කෑ ගහනවා පුළුවන් නම් ඔප්පු කරපල්ලා කියලා.

මහියංගනයේ පල්ලිය වසා දැමීමේ සිද්ධිය දැන් ඉතාමත්ම පැහැදිලියි. මුලින්ම මහියංගනය ප්‍රදේශයේ බොදුබලසේනාව විසින් සමුළුවක් පවත්වන බවට සුදානමක් ඇති වෙනවා.  ඉන්පසුව නාඳුණන කට්ටියක් පැමිණ මහියංගනය අරෆා ජුම්මා පල්ලියට ගල් ගහලා ඌරුමස්/ලේ දානවා. පසුව දේශපාලකයෙක් ඇවිල්ලා එම පල්ලියේ මින්මතුවට නැමදුම් නොකිරීමට තර්ජනය කෙරෙනවා. පසුව එහෙම පල්ලියක් මහියංගනයේ තිබුණේ නැහැ කියලා මාධ්‍ය ප්‍රකාශන නිකුත් වෙනවා. මේ ඔක්කොම ඉවර වුණාම බොදුබලසේනා සමුළුව පැවැත්වෙනවා. සිදුවුණු සිදුවීම් ධාරාව මෙතරම් සන්ධිගතව තිබෙද්දී ජනතාවට සුදුළුනු පොඩි කරන්නේ හරක් කියලා හිතාගෙනද?

ඥානසාර මේ කථාවෙදි ෂරියා නීතිය ගැන කථා කරනවා. ෂරියා නීතියට අනුව පල්ලියක් හදන්න නම් පවුල් හතලිහක් ඉන්න ඕනලු. අපි අහනවා එහෙම නීතියක් තියෙන්නේ කුමණ මුලාශ්‍රයේද කියලා. ඊට පසුව කියනවා මහියංගනයේ සිටින්නේ සංචාරක වෙලෙඳුන් ෂරියා නීතිය අනුව සංචාරකයන් සිටින තැනක ජුම්මා පල්ලි තියන්න බැහැ කියලා. අපි කියන්න කැමතියි ෂරියාවට අනුව අවශ්‍ය නම් තාවකාලිකව ගහක් යට වුනත් ජුම්මා දේශනයක් තියන්න පුළුවන්. මහියංගනය නගරයේ සිටින්නේ එම නගරයේ නිරන්තරයේ වෙලඳාමේ යෙදෙන මුස්ලිම් වරුන්. ඒ අයට ජුම්මා පල්ලියක් සාදා ගැනීමට ෂරියාවෙන් තහනමක් නැහැ. ඊලඟට තබ්ලීග් ජමාත් කියන්නාවු සංවිධානයට පහර ගසනවා. හැම නගරෙකම පල්ලි හදන්න කියනවළු. පුළුවන් තරම් පාර අයිනේ තියෙන ඉඩම් පර්චස් පහක් හරි අල්ලගන්න කියනවළු. අද ඉඩම් වලට මිල ගෙවන කොට 2025 දී මිල ගෙවන්න කියලා කියනවළු. මේවා ඥානසාරගේ විහිළු කතා.

ඊලඟට තව්හීද් ජමාත් එකට අනිවාර්යයෙන් මොනවා හරි කරනවා කියලා තර්ජනය කළා. ආරක්ෂක අංශ වලට කියනවා වහා ඔවුන්ව අත්අඩංගුවට ගන්නළු. අපි අත්අඩංගුවට ගන්න කලින් ඒක කරන්නළු. රටේ සාමාන්‍ය මිනිසුන් අත්අඩංගුවට බොදුබලසේනාවට ඇති හයිය කුමක්ද? බැංකු වල ෂරියා යුනිට් ඇති කරලා මුස්ලිම් අයට පොලී රහිත ණය දෙනවළු. බැංකු විසින් මුස්ලිම් අයට ණය දෙන්නේ පාඩු විඳගෙනද? හැකිනම් ෂරියා යුනිට් එකේ ණය සුත්‍රයක් සහ සාමාන්‍ය පොලී අනුපාත ණය සුත්‍රයක් ගෙන මේ දෙකෙහි වෙනස පෙන්වන ලෙස අපි ඥානසාරට අභියෝග කරමු.

ඥානසාරත් කරන අභියෝග භාරගන්න අපි කාටත් පිස්සු නැහැ. පුළුවන් නම් හිතට එකඟව තමන් බේබද්දෙක් කියලා පිළිගෙන සිවුරු හැර බලෙන් අල්ලගත්තු පංසල අතහැර ගමට ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්නා ලෙස අප ඉල්ලා සිටිමු.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: