you're reading...
News/ප්‍රවෘත්ති

වැලිවේරියට හමුදාව යැව්වේ මමයි – බොදු හමුදාවේ ඥණසාර

130802152448_lanka_violence_976x549_bbc

දැනට මරණ තුනයි: ඥණසා යැවූ හමුදාව ප්‍රණ ඝාතය නොකලේ ද ?

බොදු බල හමුදාව යනු ආරක්ෂක අමාත්‍යාංශයේ බළල් අතක් පමණක් නොව එයට නියෝග දිය හැකි රාජපක්ෂවාදී හමුදා උපිංගයක්  බව එහි අණදෙන්නා වන ඥණසාර හෙළි කර තිබේ. මේ බව හෙළිවන්නේ වැලිවේරිය රතුපස්වල ජනතා උද්ඝෝෂනය මැඩලීමට එම  පෙදෙසට හමුදාව යැව්වේ තමා බව බොදු බල හමුදා නායක ඥනසාර කරන ලද ප්‍රකාශය මගිනි.

 ඥණසාර  මේ බව පවසා ඇත්තේ රතුපස්වල ජනයා ඝාතනය කිරීම ගැන කිසිවක් නොකරන්නේ ඇයි දැයි සිලෝන් ටුඩේ පුවත්පත විමසූ අවස්ථාවේ දී ය‍.

එම ජනයාගේ අරගලය සාධාරණ වුවත් දේශපාලන කල්ලියක් එහි බලය ඩැහැ ගෙන තිබූ බැවින් වහාම ආරක්ෂක හමුදා යවන ලෙස තමා දැනුම් දුන් බව ඥණසාර කියයි. ඔහු තවදුරටත් කියන්නේ ජනයා මිය ගිය බව සැබෑ නමුත් ඊට හේතුව ඔවුන් ප්‍රචන්ඩ ලෙස හැසිරුණූ නිසා බවයි.

නියම විදිහට උද්ඝෝෂන කරා නම් ( ඉන් අදහස වන්නේ මුස්ලිම් කඩ සාප්පු විනාශ කරමින් සහ ඉස්ලාමීය දේවස්ථාන ගින තබමින්? ) මෙවැනි විනාශයක්  නොවන බවත් බොදු බල හමුදා ප්‍රධානී තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

එම වාර්තාව ඉංග්‍රිසි බසින් මෙතැනින් කියවන්න

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: