you're reading...
News/ප්‍රවෘත්ති

දෛවයේ සරදම: දෙමළෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර්ගේ යාපනයේ නිවසත් හමුදාව කොල්ල කයි

15_08_2005_col_2lrz

කදිරගාමර් අවමඟුලේ කිඹුල් කඳුළු

උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ දේපල සිත්සේ මංකොල්ල කන ශ්‍රී ලංකා රජයේ ගොදුරක් බවට හිටපු විදේශ අමාත්‍ය ලක්ස්මන් කදිරගාමර් මහතාගේ යාපනයේ නිවස ද පත්ව තිබේ. කොළඹ සිංහල බහුතර ආන්ඩුවට දර දිය ඇද එල්ටීටීඊයෙන් ඝාතනය වූ කදිරගාමර් ද අවසානයේ දී දෙමළ වීම නිසා මරණයෙන් පසු සිංහල ආන්ඩුවේ ගොදුරක් බවට ද පත් ව තිබීම දෛවයේ සරදමකි.තම ඉඩම ආණ්ඩුව විසින් අත්පත් කර ගෙන ඇති බව පවසමින් එය වළක්වාලන මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු පිළිබඳ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ පුත් එස්.ජේ.සී. කදිරගාමර් මහතා අධිකරණය හමුවට ගොස් තිබේ.

ඉඩම් සංවර්ධන ඇමති, යාපනය දිස්ත‍්‍රික් ඉඩම් අත්පත් කර ගැනීමේ නිලධාරී සහ යාපනය දිස්ත‍්‍රික් ඉඩම් මැනීමේ නිලධාරී යන අය වගඋත්තරකරුවන් බවට පත් කරමින් එම පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට ලබන 27වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබීය.

උතුරේ ඉඩම් අක්කර දහස් ගණනක් මේ වන විට යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති අතර එම භූමිවල යුද හමුදා කඳවුරු ඉදි කරන බවට ජනතාව චෝදනා කරයි. නැෙඟනහිර පළාතේද ඉඩම් අක්කර සිය ගණනක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබේ. සන්නද්ධ බලය යොදා අත්පත් කර ගනු ලබන මෙම ඉඩම්වල යුද හමුදා කඳවුරු ඉදිරි කිරීම හෝ සංචාරක කර්මාන්තය සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයින්ට ලබා දීම සිදු කෙරෙන බවට චෝදනා එල්ල වී ඇත.

එම ඉඩම්වල හිමිකරුවන් මේ වන විට කිසිදු පිළිසරණක් නැතිව සරණාගත කඳවුරුවල හෝ ඥාතීන්ගේ නිවෙස්වල වෙසෙති.

එස්. ජේ. සී. කදිරගාමර් මහතා පෙන්වා දෙන්නේ යාපනයේ පිහිටා ඇති, පෙත්සමට අදාළ ඉඩම සිය මිත්තනියගෙන් පියා වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාටත් ඔහුගෙන් තමන්ටත් ලැබුණු බවයි. එම ඉඩම් පරම්පරාවෙන් තමන්ට හිමි වී ඇති බව ඔහු පෙත්සමෙන් පෙන්වා දෙයි.

ඇසුර – ලංකා විව්ස්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: