you're reading...
News/ප්‍රවෘත්ති

රාජපක්ෂ පාලනය විවේචනය කළ දෙරණ මාධ්‍යවේදියා ගෙදර යවයි

Kelum_dearana_410px_06-08-1

කැළුම් අමරසිංහ :පත්වීමේ ලිපි නැහැල ඉවත් කළේ එම්එම් එස් එකෙන්

රතුපස්වල යුද හමුදා වෙඩි තැබීම සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය විවේචනය කළැයි දෙරණ රෑපවාහිනී නාලිකාවේ ජනමාධ්‍යෙව්දියකු වහාම රුකියාවෙන් ඉවත් කළ අපූරැ පුවතක් බීබීසී සන්දේශය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යෙව්දීන් මුහුණ දී සිටින ඛේද ජනක තත්ත්වය මෙන්ම දෙරණ නාලිකාවේ නිරුවත ද පෙන්වන එම වාර්තාව මෙසේ ය:රැකියාවේ පත්වීම දුරකථන ඇමතුමකින් ලබා දී කෙටි දුරකථන පණිවිඩයකින් තමා සේවයෙන් පහ කරන ලද බව ශ්‍රී ලංකාවේ මුල් පෙලේ මාධ්‍ය ආයතනයක ගුවන් විදුලි ශිල්පියෙක් බීබීසිය ට පැවසීය.

බීබීසී සංදේශයට මේ බව කියා සිටියේ දෙරණ එෆ් එම් සේවයේ දවසේ පුවත් පත් සමාලෝචන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් සිට වැඩ තහනමට ලක් වූ කැළුම් අමරසිංහ.

සබැඳි යොමු හමුදා ප්‍රචණ්ඩත්වය නිමාවී නැහැ – ආර්එස්එෆ් උතුරේත් දකුණේත් මර්දනය දැඩි කරලා – උද්ඝෝෂකයෝ (වීඩියෝව)නරඹන්න​00:41වැරදිකරු සොයා දඬුවම් දෙන්න – එජාප වැඩි තොරතුරු සඳහා තවත් යොමු
සබැඳි තේමා කාලීන පුවත්
පත්වීම තහවුරු කැරෙන කිසිදු නිල ලියවිල්ලක් මේ වන තෙක් තමාට ලබා දී නැති මුත් දෙරණ ආයතනය විසින් සම්පත් බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම හරහා වේතනය ලබා දුන් බවයි ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටින්නේ.

රතුපස්වල හමුදා ප්‍රහාරය සම්බන්ධව ලංකාදීප පුවත් පතේ පළ වූ ප්‍රවෘත්ති දෙකක කරුණු ඉදිරිපත් කිරීමේ දී තමා දැක්වූ අදහස් මෙම වැඩ තහනමට හේතු වී ඇති බව ඔහු කියා සිටියේ ය.

‘විවේචන බෑ'”අපිට කියල තියෙන්නෙ ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේකම්වරයා හෝ ඔවුන්ට අදාළ කිසිදු දෙයක් විවේචනය කරන්න බෑ කියල”

වැඩ තහනමින් අනතුරුව කරුණු විමසීමේ දී “අපිට කියල තියෙන්නෙ ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේකම්වරයා හෝ ඔවුන්ට අදාළ කිසිදු දෙයක් විවේචනය කරන්න බෑ කියල,” යන පිළිතුර වැඩසටහන් අධ්‍යක්ෂවරයාගෙන් තමාට ලැබුණු බව කැළුම් අමරසිංහ ප්‍රකාශ කරයි.

නමුත් එවැනි සම්මතයක් පිළිබඳව මීට පෙර තමා දැනුවත් කර නැති බවත් එය වැඩසටහන් අධ්‍යක්ෂවරයා විසින් ද පිළිගත් බවත් ඔහු අවධාරණය කර සිටියේය.

‘ඉහලින් නියෝග’කෙසේ වෙතත් වහාම තමාගේ වැඩ තහනම දෙරණ ආයතනයේ ප්‍රධානියකු වන දිලිත් ජයවීරගේ නියෝගයෙන් කළ වග වැඩසටහන් අධ්‍යක්ෂවරයා තමාට දැනුම් දුන් බවයි ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටින්නේ.

දෙරණ පාලනාධිකාරියේ ප්‍රතිචාරය දැන ගැනීමට අප එහි ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ෂෙහාන් බරණගේ කීප වර දුරකතනයෙන් ඇමතුවත් ඔහු සම්බන්ධ කර ගැනීමට හැකි වුයේ නැහැ.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂෙත්‍රයේ සිදුවන වාරණය සහ ස්‌වයං වාරණය මෙම සිදුවීම තුළින්හොඳින් පැහැදිලි වන බව මාධ්‍යවේදී අමරසිංහ පවසයි.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: