you're reading...
News/ප්‍රවෘත්ති

ඩීඅයිජී වාස් පුත් රවිඳු, ෂියාම් මැරුවේ රු. 3000 පාවහන් යුවලේ පලිය ගන්නද?

2142Ravindu_Gunawardena_with_Varity_of_Guns_2J

රවිඳු: අපේ දරුවෙක මෙහෙම පොටෝ ගත්තා නම් මොනව වෙයි ද!

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන පුත් රවිඳු, ව්‍යාපාරික ෂියාම් සමග වෛරයෙන් සිටි බවත්  එම වෛරය පිරිමසා ගැනීමට ඝාතනය කළ පොලිස් කණ්ඩායම සමග ඔහුද ගොස් තිබෙන බව රහස් පොලීසිය කියන බව විමසුම වෙබ් අඩවිය වාර්තා කරයි. පසුගියදා පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු බම්බපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය කළ කණ්ඩායම සමග වාස්ගුණවර්ධනගේ පුත්‍රයාද ගොස් තිබෙන බවත් කලක් තිස්සේ මෙම ව්‍යාපාරිකයා සමග ඔහු දැඩි වෛරයකින් පසුවී ඇති බවත් එය වර්තා කරයි.

පැපිලියාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී සැකකාර රවිඳු ගුණවර්ධනව ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අතර මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

“දිවයින“ පුවත් පත වාර්තා කරන්නේ රුපියල් තුන්දහසක් පමණ වටිනා සපත්තු කූට්ටමක් මොහොමඩ් ෂියාම්ට අයත් වෙළඳ සැලකින් මුදල් නොගෙවා බලහත්කාරයෙන් රැගෙන යාමට මොහු උත්සාහ දැරූ අවස්ථාවක මොහොමඩ් ෂියාම් හා ඔහු අතර බහින් බස්වීමක් ඇතිවී තිබෙන බවත් ෂියාම් එම ක්‍රියාව වලක්වා තිබෙන බවයි.

මේ නිසා, රවිඳු ගුණවර්ධන මෙම ව්‍යාපාරිකයා පිළිබඳව දැඩි වෛරයකින් පසුවී තිබෙන බව රහස් පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබෙන කරුණකි.

මේ අනුව, කලක් තිස්සේ පැවති වෛරය පිරිමසා ගැනීම සඳහා මොහොමඩ් ෂියාම් ඝාතනය කිරීම සඳහා රැගෙන ගිය පොලිස්‌ කණ්‌ඩායම සමග සැකකාර රවිඳු ගුණවර්ධනද ගොස් තිබෙන බවත් සැකකාර පොලිස්‌ කණ්‌ඩායම විසින් ෂියාම්ට වෙඩි තබන්නට පෙර ඔහු වෑන් රථයෙන් පිටතට ගෙන පාළු ස්‌ථානයකට ඇදගෙන යෑමට රවිඳු ගුණවර්ධනද සහාය වූ බවටත් චෝදනා එල්ල වී තිබෙන බව සඳහන්ය.

මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත්තායැයි චෝදනා ඉදිරිපත් වී තිබෙන්නේ ඔහුගේ පියාවන වාස් ගුණවර්ධනටයි.

ස්තුතිය – විමසුම වෙබ් අඩවියට

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: