you're reading...
News/ප්‍රවෘත්ති

දෙමළ සන්ධානය උතුර දිනුවොත් ආයෙත් කලු ජූලියක් – ආන්ඩුවේ පත්තරයෙන් තර්ජනයක්

1958BJ710

1958 දෙමළ විරෝධි කෝළාහලය : ඝාතනයට දෙමළ ජනයා පෙළ ගැස්වීම

 රාජපක්ෂවරුන්ගේ ඍජු අණසක යටතේ පවත්නා ඩේලි නිව්ස් පුවත්පත අද ලිපියක් පළ කරමින් කොළඹ ජිවත්වන දෙහළ ජනයාට නැවත කලු  ජූලියකට මුහුණ දීමට සූදානම් වන ලෙස අනතුරු හඟවයි. මේ වනාහී රතුපස්වල ඝාතනයෙන් බෞතීස්ම ලබා ඇති රාජපක්ෂ පාලනය ග්‍රෑන්ඩ්පාස් යනාදී මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ගෙන් සිය මත් වී ඇති අන්තවාදී පිරිස්  වෙත දෙමළ විරෝධී මැරක්‍රියා සඳහා සූදානම්වන ලෙස කරනු ලබන  බිය ජනක කැඳවීමකි. දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාවේ බලය දිනා ගත හොත් නැවතත් කොළඹ දෙමළ ජනයා ප්‍රහාරයන්ට ලක්වනු ඇතියි මෙම ලිපිය එක එල්ලේම තර්ජනය කරයි.

 ආන්ඩුවේ හොරනෑව වන ඩේලි නිව්ස් පුවත් පතේ කර්තෘ වන්නේ අංක එකේ හෙංචයියකු වන රාජ්පාල් අබේනායක නම් සුලුතර ජන විරෝධී බල්ටි රජෙකි.

එම ලිපියේ එන එක් කොටසක් මෙසේ ය:

The Tamils in the Western Province should realize that they cannot have a tranquil life, engage in their professions and businesses, and at the same time have a separate state in the North. If they think they can have the cake and eat it as well, they are greatly mistaken. –

උතුරෙහි වෙනම රාජ්‍යක් ලබා ගෙන ( ඉන් අදහස් වන්නේ පොලිස් සහ ඉඩම් බලතල සහිත පළාත් සභාවකි) කොළම යහතින් ජීවත් වීමට දෙමළ ජනයා කල්පනා කරන්නේ නම්  එය මුලාවකි.

ලිපියේ තවත් තැනක කියන්නේ කොළඹ සහ දකුනේ සිය වෘත්තින් සහ ව්‍යාපාර යහතින් කරගෙන ඉදීමට අවශ්‍ය නම් උතුරු පළාත් සභාවට පොලිස් සහ ඉඩම් බලකල නොඉල්ලන ලෙස දකුනේ වෙසෙන දෙමළ ජනයා දෙමළ සන්ධානයට බල කල යුතු බවයි.

ආන්ඩුවේ හොරණූව වන මෙම පත්තරයේ පළ වන සියළු ලිපි අරලිය ගහ මන්දිරයෙන් අනුමත විය යුතු අතර එහි නියම කර්තෘවරු  සේවය කරන්නේ ලේක් හවුසියේ නොව ජනාධිපති යටතේ ය. මෙම ලිපිය ලියා ඇත්තේ ව්‍යාජ නමකින් වන අතර ඉන් අදහස් වන්නේ ද එය ආන්ඩුවේම වැඩක් බවයි.

ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සිය ජනමාධ්‍ය ආචාරධර්ම අටපත එකට සිඳ උදේ සවස පානය කළත් මේ දුරාචාරය නොනවතින බවට මෙන්න කැට!

 

 

 

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: