you're reading...
News/ප්‍රවෘත්ති

පලාත් සභා ජන්දයේ රාජපක්ෂවාදී පවුල් කැළය!

 

වරිග සභාව මෙන්න…

මෙවර වයඹ සහ මධ්‍යම පළාත් සභාවන් සඳහා ඉදිරිපත් කර ඇති ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ ඥාතීන් පිළිබඳව දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. එම ඥාතීන් පිළිබඳ වාර්තාවක් හුදී ජන පහන් සංවේගය පිණිස පළකිරීමට අදහස් කෙළමු.
නියෝජ්‍ය අධ්‍යාපන ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ පුත් චින්තන ඒකනායක මාතලේ දිස්ත්‍රික්කයටත්, සහෝදරයා වන සරත් ඒකනායක මහනුවර දිස්ත්‍රික්කයටත් තරඟ වදියි.

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහෝදරයෙකු වන ආනන්ද අලුත්ගම‍ගේ සහ මස්සිනා වන අලුත්ගමගේ වීරසිංහ යන අය මහනුවර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කරයි.

උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයින් දෙදෙනකු වන සාලිය දිසානායක, ජයලත් දිසානායක යන අය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ වදියි.

අගමැති දි.මු. ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ වදියි.

පරිසර හා බලශක්ති නියෝජ්‍ය ඇමති අබ්දුල් කාදර් මහතාගේ බෑනා වන මොහොමඩ් හම්ජාඩ් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ වදියි.

තෙල්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුනේත්‍රා ගමගේ මහත්මියගේ සැමියා වන එම්.ජී. ජයරත්න මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කරයි.

ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ සහෝදරයකුගේ පුතකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් යන අය මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟ වදියි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සහෝදරයකු වන පරාක්‍රම දිසානායක මාතලේ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ වදියි.

සමූපකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, උද්භිද උද්‍යාන සහ විනෝද කටයුතු ඇමති ජයරත්න හේරත් මහතාගේ පුත් පියුමාල් හේරත්, දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතාගේ බිරිඳ මංජුලා දිසානායක, ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතාගේ සහෝදරයකු වන චන්දන යාපා යන මහත්ම මහත්මීන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදියි.

ගුරුවරිය දණගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාගේ බෑනා වන නිලන්ත විමලවීර පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරඟ වදියි

-ලංකා ට්රැත්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: