you're reading...
News/ප්‍රවෘත්ති

මර්වින්, මාලකට දේශපාලන රැකවරන දෙන්නැයි ඉල්ලා ඇමරිකානු නිලධාරීන් ඉදිරියේ හඬා වැටිලා

2105Mervin_Hate_Speech_with_Malaka_Jකිහිප වතාවක්ම මැර ක‍්‍රියා සිදුකර දේශපාලන අනුග‍්‍රහයෙන් නිදහසේ වෙසෙන කුප‍්‍රකට මාලක සිල්වා වෙත දේශපාලන රැකවරන ලබා දෙන්නැයි දුරාචාර්ය අමාත්‍ය මර්වින් සිල්වා ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති නිලධාරීන් ඉදිරියේ හඬා වැටී ඇතැයි ප‍්‍රකට ඉංග‍්‍රීසි මාධ්‍යවේදියෙකු වන ඞී.බී.එස්.ජෙයරාජ් මහතා අනාවරණ කරයි.
ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් විසින් ඔඩෙල් ආයතන රථගාලේදී මාලක සිල්වාට පහර දීමෙන් පසු ඔහුගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි කියා ඔහුව රටින් පිට කිරීමට අවශ්‍ය බව පවසමින් මාලක සිල්වා වෙත ශිෂ්‍යත්වයක් හෝ ප‍්‍රදානය කරන්නැයි බටහිර රටවල් කිහිපයක තානාපති කාර්යාල වලින් මර්වින් ඉල්ලා ඇතත් එම රටවල් විසින් එය ප‍්‍රතික්ෂේප කර ඇත. අවසානයේ දී ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් වෙත ගිය ඇමැති මර්වින් හඬමින් තම පුතාට දේශපාලන රැුකවරණ ඉල්ලා ඇති අතර ඇමරිකානු නිලධාරීන් විසින් සියළු විස්තර සඳහන් කරමින් අභියාචන ප‍්‍රකාශයක් ඉදිරිපත් කරන්නැයි ද ඒ අනුව යම් සලකා බැලීමක් සිදුකළ හැකියයි ද මර්වින්ට පවසා ඇත.

දැනට ඇමරිකාවේ දේශපාලන රැුකවරණ මත වෙසෙන ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම් පෝද්දල ජයන්ත මහතාගේ කකුල් කැඩුවේ තමා යයි තම පුත‍්‍රයා මාලක ද ලඟ තබාගෙන මීට වසර එක හමාරකට පමණ පෙර ප‍්‍රසිද්ධියේ පම්පෝරි කී මර්වින් සිල්වාට තම පුතා වෙනුවෙන් ඇමරිකාවෙන්ම හඬ හඬා දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට සිදුවීම දෛවෝපගත සිදුවීමකි. පෝද්දලගේ කකුල් කැඞීමේ වගකීම බාරගත්තා මදිවාට ඔහු එදින මානව හිමිකම් ක‍්‍රියාධරයන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් ඔවුන්ගේ අත පය කඩන බවට ද ප‍්‍රසිද්ධියේම තර්ජනය කෙළේය. තමාගෙන් පසුව මාලක සිල්වා කැලණියේ දේශපාලනය බාර ගන්නා බව මර්වින් කීවේද එදිනම ය.

දුරාචාර්ය ඇමැති මර්වින් 2012 වසරේ මාර්තු 23 දා කිරිබත්ගොඩ නගරයේදී කරන ලද එම අති බිහිසුනු ප‍්‍රකාශය පිලිබඳ පසුගියදා මර්වින් නවි පිල්ලේට කසාද යෝජනා ගෙනා අවස්ථාවේදී මෙන් කැබිනට් මණ්ඩලය ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේ ද නැත. මාලකට දේශපාලන රැකවරණ දීමට මර්වින්ගෙන් අභියාචන ඉල්ලා සිටින ඇමරිකානු නිලධාරීන්ගේද මතකය අලූත් කිරීම සඳහා එදින මර්වින් කළ ප‍්‍රකාශය මෙසේ යළි පලකරමු…,

‘‘ඊයේ ජිනීවා රැුස්වීම තිබුනා. මං සජීවීව පැය ගානක් බැලූවා. සුද්දන්ගෙ මූණු ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ. අපට 15 යි. උන්ට 24 යි. හොඳ කතාවල් කරල ඡුන්දෙන් වැලකී හිටිය 8 දෙනෙක්. 15 යි 8 යි 23 යි. පර සුද්දා එකෙන් තමයි ඔළුව ඉස්සුවේ. ඔබාමා මැතිතුමනි අන්තිමට නටපු නැටුමකුත් නෑ. බෙරේ පලූවකුත් නෑ. මේ රටට අත තියන්න කාටවක්වත් බෑ. මං කණගාටු වෙනවා අපේ රටේ පෙකණි වැල කපාපු පාහරයෝ, සුනන්ද දේශප‍්‍රියල, නිමල්කා ප‍්‍රනාන්දුල, කවුද මේ… පෝද්දල ජයන්තය, පෝද්දල ජයන්තය කියන්නෙ ලංකාවෙන් මම එළෙව්වෙ. මං අද ප‍්‍රසිද්ධියේ කියන්නෙ. ඌ ගියේ මං නිසා. තව එකෙක් ඉන්නවා, පාක්‍යසෝති. මුන් තමයි ජිනීවා ගිහිල්ලා මේ රටට විරුද්ධව සාක්කි දුන්නේ. ප‍්‍රසිද්ධියේ කියන්නේ මේක දාන්න. තොපි මට අහුවෙන්න ලංකාවෙ හිටියොත් තොපේ අත පය ප‍්‍රසිද්ධියේ කඩන එකා තමයි මර්වින් සිල්වා කියන එක කියනවා. වගකීමක් ඇතුව කියන්නේ…..මගේ මන්ත‍්‍රී කම 2016 වෙනකම් තියෙනවා. ජනාධිපතිතුමා දීපු ඇමැතිකම එතුමා මේ රාජාසනේ ඉන්නකම් ඒක වෙනස් වෙන්නෙත් නෑ. මගේ සංවිධායක කම කැළනිය විතරක් නෙමෙයි තවත් ආසනයක් දෙකක් බලන්නත් සිද්ධ වෙයි කියලත් මම පණිවුඩයක් දෙනවා.’’

-මර්වින් සිල්වා 2012 මාර්තු 23 කිරිබත්ගොඩදී- (මෙහි වීඩියෝව යූ ටියුබයේ තවමත් ඇත)

මර්වින් මේ කතාව කරද්දී මාලක සිල්වාද පසෙක සිටී. එනම් ඔහුද මේ බිහිසුණු ක‍්‍රියාවන්ට දායක වූ චරිතයකි. එවන් පුද්ගලයෙකුට ඇමරිකාව විසින් දේශපාලන රැකවරණ දෙනවා නම් එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ සහ අද දිනයේත් දිවි පරදුවට තබා කි‍්‍රයාකරන ප‍්‍රජාතන්ත‍්‍ර පේ‍්‍රමීන්ට එල්ල කරන අතුල් පහරකි.

මේ ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන පුද්ගලයන් අවධානයෙන් සිටිය යුත්තේ මීට පෙර හිංසනයට ලක්වූ රූකාන්ත-චන්ද්‍රලේඛා යුවලට දේශපාලන රැකවරණය දුන් ඇමරිකාව ඊට වසර කිහිපයකට පසු රූකාන්තලාව හිංසනය ලක්කළ කණ්ඩායමේ පුද්ගලයෙකුට ද දේශපාලන රැුකවරණ දුන් බැවිනි. ඉන්පසුව නිවයෝර්ක්හි ස්ටේටන් අයිලන්ඞ් හි උත්සවකදී දෙදෙනාම එකට හමුවී තිබිණ.

රාජපක්ෂ රෙජීමයේ කොන්ඩම් න්‍යායට හසුව ඇති මර්වින් සිල්වා විපක්ෂයේ දේශපාලනඥයෙකු හමුවී ඇති බවට රාවයක් ද පවතී.

ඒ පිලිබඳ යමක් අවධාරණය කළ යුතුය. රාජපක්ෂ රෙජීමය එළැවීමට යයි කියා මර්වින් වැනි වනචාරී සමාජ සතුරෙකු ලං කර ගන්නේ නම් එය අමනොඥ කමක් පමණක් නොව, දුෂ්ඨ කමකි. රෙජීමයට එරෙහිව දිනෙන් දින නැගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන ජනතා ධෛර්ය බිඳ දැමීමකි. ඒකාධිපතිවාදයට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ බලාපොරොත්තුවේ හිස මත පැහැරීමකි.

රාජපක්ෂ මිනීමරුවන් සමග දුරාචාර්ය පජාතියන්ද එක කුණු කානුවේ ලැග්ගවිය යුතුවා මිස මේ මිනීමරු රෙජීමය පන්නා දැමීමට මර්වින් වැනි පජාතියෙකු අවශ්‍ය වන්නේ නැත.

– ලංකා ඊ නිව්ස්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: