you're reading...
News/ප්‍රවෘත්ති

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සුනිලා අබේසේකර සහෝදරියට උත්තම ආචාරය පුදකරයි

Sunila 2ඊයේ (සැප්තැම්බර් 09 දා) අවසන් ගමන් ගිය, සමාජ සාධාරණත්වය සහ මානව නිදහස සඳහා වන සදාතනික අරගලය වෙනුවෙන් ජීවිතය කැප කළ සුනිලා අබේසේකර සහෝදරියට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය උතුම් ආචාරය පුද කරයි.

 සෑම දෙනාටම සෑම මානව හිමිකමක්ම අයත් ය යන ආදර්ශ පාඨය මත පිහිටා යුතු කළ සුනිලා සහෝදරිය පන්ති මය වේවා වාර්ගිකමය වේවා ස්ත්‍රී පුරුෂමය වේවා වූ සෑම විශමතාවයකටම එරෙහි අරගලයන් සැළකූවේ පුළුල් සමාජ ව්‍යාපාරයක කොටස් ලෙස ය.

බිමි මට්ටමේ ජනයා සමඟ එක්ව සමාජ ක්‍රියාකාරිත්වයේ නියැළුණූ ඇය ඒ අතරම ශ්‍රාස්ත්‍රඥවරියක ලෙස ද සිය මෙහෙවරෙහි නියැළුනි.  ඇය ඉංග්‍රිසි බසින් පමණක් නොව සිංහල බසින් ද සිය පෑන මෙහෙය වූයේ  ය.

1990 දශකයේ මැද භාගයේ සිට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකාවක වූ ඇය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස රැකගෙන, වැඩි දියුණූ කර තහවුරැ කරනු වස් දේශීයව මෙන්ම අන්තර් ජාතිකව ද  විවිධ තලයන්හි විවිධ අකාරයෙන් මැදිහත් වූවා ය. කලාවේ සහ නිර්මාණකරනයේ නිදහස ජනමාධ්‍ය නිදහසේ අභේද්‍ය කොටසක් ලෙස සැළකූ ඇය  බොහෝ අවස්ථාවන්හි දී ඒ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට මඟ පෙන්වූවා ය. ජනමාධ්‍ය වාරණයට එරෙහිව මෙරට ශ්‍රෙෂ්ඨාධිකරනය හමුවට ගිය ඇය එම අවනඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද ගෙන ගියා ය. ඇය නායකත්වය දුන් මානව හිමිකම් තොරතුරු කේන්ද්‍රය වන ඉන්පෝම් ආයතනය මුල පටන්ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට අතිමහත් රුකුලක් ව පවතින අපි බැති බරව  සඳහන් කරමු.

සමාජ ක්‍රියාකාරිනියක සහ ශ්‍රාස්ත්‍රඥවරියක පමනක් නොව සුනිලා අබේසේකර කලා රසකාවියක සහ කලාකාරියක ද වූවා ය. ඇයටම විශේෂ වු මධුර හඩින් පණ ගැන්වුනු ගී විරාත් කාලයක් පවතිනු නොඅනුමාන ය.

ඇය හුදු ලිබරල් මානව හිමිකම් කතාකාරියක නොවී ය. ජනමාධ්‍ය නිදහස සදහා වූ ඇයගේ කැපවීම ජනමාධ්‍ය ක්‍රියාධරයන් සමඟ සමීප ඇසුරක් සමඟ සමාජ ගත කළ ඇය කලාවේ සහ නිර්මානයේ නිදහස සදහා වූ ඇයගේ කැපවීම සංස්කෘතික ක්‍රියාධරයින් සමඟ වූ ප්‍රායෝගික බැදීමක් බවට ද පත් කළා ය.  යුද්ධමය විසඳුමකට වූ ඇයගේ ස්ථිරසාර විරෝධය ප්‍රායෝගික තලයෙහි මන්නාරමේ සහ මඩකළපුවේ පිරිමින් සහ ගැහැනුන් සමඟ කළ සංවාදයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරිත්වයන් තුලින් පිළිඹිමු විය‍

සුනිලා අබේසේකරගේ මතවාදී කැපවීම මානව දයාවෙන් පිරී ගියාවූ  වීදියේ අරගලය සමඟ බද්ධ  වූ  එකක් විය‍. සිය ජිවිතයේ යෞවනයේ සිටම දශක හතරක් පුරා ඇය යෙදී සිටියේ සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් අරමුණු කරගත් සමාජ ක්‍රියාකාරිත්වයක ය. ස්වකීය බහුවිධ කුසළතාවයන් ඇය යෙදවූයේ ඒ අරමුණ උදෙසා ය. ඇයගේ වියොවින් ඇතිවන හැඩැස පිරවිය නොහැකි වන්නේ මේ සියළු ලක්ෂන ඇය තුළ කැටි වී තිබූ නිසාවෙනි . එවැනි සහෝදරියක සමඟ එක්ව ගමන් කරන්නට ලැබීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ලද වාසනාවකි.

ඇය නික්ම ගියේ ඇය වැන්නියන් වඩ වඩා අවශ්‍ය කරන යුගයක ය.

සුනිලා අබේසේකර සහෝදරිය, ඔබට පිරිනැමෙන  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ   උතුම්ම ආචාරය පිළිගන්න.

 

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: