you're reading...
News/ප්‍රවෘත්ති

උතුරෙන් ඇත්තටම පැරදුනේ කව්ද?

යාපන වැසියකු ජන්දය දැමූ බව ආඩම්බරයෙන් පෙන්වයි ( ඒපී ජායාරූපයකි)
628x471

යාපන වැසියකු ජන්දය දැමූ බව ආඩම්බරයෙන් පෙන්වයි ( ඒ.පී. ජායාරූපයකි)

Sanjaya Senanayake/ සංජය සේනානායක
උතුරේ අවසන් තීන්දුව: 75.5% ක් දෙමළ ජාතික සන්ධානයට, 17.5% ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට. මුස්ලිම් කොංග්‍රස් එකටත් මන්නාරමෙන් පොඩ්ඩක් තියෙනවා.
ආසන ගාන ගත්විට, මුළු ආසන 38න් 30ක් දෙ. ජා. සන්ධානයට. 7 ක් එ. ජ. නි. සන්ධානයට. අන්තිම එක මුස්ලිම් කොන්ග්‍රස් එකට ඒත් ඒකත් දැන්ම එ. ජ. නි. සන්ධානයට ගැන්නා නම් හරි.
දෙ. ජා. සන්ධානයේ මේ ඉතිහාසගත ජය ගැන අපි වැඩිය කතා නොකලාට කමක් නැහැ. ඒක ඒගොල්ලෝ කරයි. ඒක ඒගොල්ලන්ගේ අයිතිය.

අපි පොඩ්ඩක් බලමු ඊයේ පැරදුනේ කවුද කියලා.

දෙ. ජා. සන්ධානයට ‘කොටි‘ ලේබල් අලවන්න හදපු අය පරාදයි.

ඒගොල්ලන්ට උතුරේ ජනතා සහාය නැහැ කියපු අය පරාදයි.

ඒගොල්ලන්ට විටෙක කපාපු විටෙක පුක දීපු ජ. වි. පෙ. යි එ. ජා. ප. යි දෙකම ආයෙත් උතුරේ නැගිටින්න බැරි තරමට පරාදයි.

‘උතුරේ මිනිස්සු රජයට ආදරෙයි‘ කියාගෙන රජයට කඩේ ගිය අය පරාදයි.

මේ බොරු ඇත්ත හැටියට විකුණපු රාජ්‍ය හා පෞද්ගලික මීඩියා කට්ටිය පරාදයි.

‘උතුරට සංවර්ධනය පමණක් දීල නිදහස නොදුන්නට කමක් නැහැ‘ කියපු අය පරාදයි.

උතුරට ඇත්තටම මිනිස්සුන්ට අවශ්‍ය සංවර්ධනයක් ලැබෙනවා කියලා හිතාගෙන හිටපු දකුණේ අය පරාදයි.

‘දේශපාලන විසඳමක් ඕනේ නැහැ, තරුණ අය ඕවා අමතක කරයි‘ කියපු අය පරාදයි.

මිනිස්සු මර්ධනය කරන්න හමුදාවට උදවු කරපු ඊ. පී. ඩී. පී එක පරාදයි.

‘උතුරේ හමුදා කඳවුරු දිගටම තියාගෙන ඉන්න කියලා එහෙ මිනිස්සු ඉල්ලනවා‘ කියපු අය පරාදයි.

‘දෙමළ මිනිස්සුන්ට කිසි ගැටළුවක් දැන් නැහැ‘ කියපු අය පරාදයි.

‘බහුතරයක් දෙමළ මිනිස්සු බලන් ඉන්නේ දේශපාලන විසඳුමක් ලැබෙනකම් නෙමෙයි, කීයක් හරි හමබකරගන්න‘ කයපු අය පරාදයි.

මේ ඔක්කොම පරාදයි. මේ ඔක්කොමත් එක්කම ‘දෙමළ ජනතාවට කිසිදිනෙක ලංකාව තුල දේශපාලනිකව කිසි දෙයක් දිනන් බැහැ. නිදහස හා ස්වයංපාලනය අපි තුවක්කුවෙන් ගන්න ඕනේ. තුවක්කුවෙන් බැරිනම් විදේශයන් සම්බන්ධ කරගෙන මොකක් හරි කරලා බලය පෙන්නලා උදුරලා තමයි ගන්න වෙන්නේ. දකුණේ උන් එක්ක කිසිම කතාබහක් ඕනේ නැහැ‘ කියපු අයත් පරාදයි

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: