you're reading...
News/ප්‍රවෘත්ති

එක්සත් ශ්‍රී ලංකාවක ආරක්ෂාව, ගෞරවය සහ ස්වයංපාලනය දෙමළ ජනයාගේ අපේක්ෂාවයි

130921140608_lanka_election_976x549_getty

ජන්දයේ අයිතිය ස්වයං පාලන ඉල්ලීමක් බවට

දෙමළ ජාතික සන්ධනය පළාත් සභා මැතිවරණයෙන් පසු නිකුත් කළ ප්‍රකාශය

උතුරු පළාත් සභා මැතිවරණයේ දෙමළ ජාතික සංධානය/ ඉලංගෙයි තමිල් අරැස පක්ෂය රටේ දේශපාලන ඉතිහාසයේ මීට පෙර කිසිවෙක් ලබා ගත්තේ නැති ජයග්‍රහණයක් ලබා ගෙන තිබෙනවා. උතුරැ පළාතේ 80%ක ප්‍රමාණයකුත්, යාපනය දිස්ත්‍රික්කයේ 90%ත් ලබා ගෙන තිබෙනවා.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුව ඉතා පැහැදිලිවම මෙයින් ප්‍රකාශ වී තිබෙනවා. එක්සත් ශ්‍රී ලංකාවක, නොබෙදුනු රටක් තුළ ආරක්ෂාව, ගෞරවය සහ ස්වයංපාලනය වැනි දේවල් ලබාගෙන ජිවිත් වී, ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතීන් ලබා ගැනීමට ඔවුන් කැමැත්තෙන් සිටින බව මෙයින් පැහැදිලි වෙනවා.

මෙම අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා අපි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාකරන අතර, රජයත් මෙයට මුලුමනින්ම සහයෝගය දෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් නියමිත දිශාවට ගමන් කිරීමට ‘අවස්ථාව‘ ජනතාව විසින් දී තිබෙනවා.

මෙම මැතිවරණයේදී තමන්ට මුහුණ දීමට සිදු වූ බොහෝ හිරිහැර, තර්ජනය කිරීම්, මැද උතුරැ පළාත් ජනතාව පැහැදිලිවම බිය නොමැතිව තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවට ගරැ කරන මෙන් අපි ඉල්ලා සිටිනවා.

අපේ ජනතාව මුලුමනින්ම අපිට සහය පළ කිරීම පිළිබදව අපේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර, ඒ අයගේ අයිතිවාසිකම් ලබා දීම සදහා අපිට කළ හැකි සෑම දෙයක්ම අපි විසින් සිදු කරනවා.

ආර්. සම්බන්ධන්
සභාපති, දෙමළ ජාතික සංධානය/ ඉලංගෙයි තමිල් අරුසි පක්ෂය
( විකල්ප ඇසුරිනි)

 

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: