you're reading...
වර්ගීකරණය නොකළ

උතුරු පළාත් සභාවට අදාල බලතල ලබාදිය යුතුයි – ඊපිඩිපි ප්‍රාදේශීය සභාපති

tamil-national-alliance-swept-northern-provincial-council-elections-in-sri-lanka

උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන්

 ජාති ආගම් බලවේගවල ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී උතුරු පළාත් සභාවට රජය විසින් අදාල බලතල ලබාදිය යුතුයැයි ඊපිඩිපි පක්‍ෂයෙහි වඩමරාච්චිය සංවිධායක හා පරිත්තිතුරයි ප්‍රාදේශිය සභාපතිද වන ඒ. ශ්‍රීරංගේස්වරන් පවසයි.  රජය විසින් අදාල බලතල ලබා නොදෙන්නේ නම් උතුරෙහි ජනතාව අරගල කරනු ඇතයි හෙතෙම අනතුරු අඟවා තිබේ. උතුරු පළාත් සභාව ලබාගෙන ගැනීමට දෙමළ ජනයා බොහෝ දැය අහිමිකර ගෙන ඇතැයි ද ඔහු පවසා තිබේ. දකුණේ ජාතිවාදී බලවේගයන් ජාතිභේද ප්‍රචාරවල නිරතවී තම දේශපාලනික පැවැත්ම තහවුරු කරගැනීමට තැත්කරමින් සිටින නමුත් රජය පළාත් සභාවට සම්පූර්ණ බලතල ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.

 මේ අතර දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභා මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානය තම ඉලක්කයට යෑම සඳහා පූර්ණ සහය ලබාදෙන බවද ශ්‍රීරංගේස්වරන් පවසා තිබේ.

– ජීටීඑන්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: