you're reading...
News/ප්‍රවෘත්ති

‘අන්තර්ජාල නිදහස’ පිළිබද සම්මන්ත්‍රණයක් කොළඹ දී..

Internet-Freedom-Pach-800x3පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ.
අප විකල්පIMA-Invitation-300 වෙබ් අඩවිය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ *අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය එක්ව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණයේදී සුවිශේෂී අදහස් දැක්වීම් කිහිපයක් සමග විවෘත සාකච්ඡාවන් පැවැත් වීමට ද කටයුතු සංවිධානය කර ඇත. විශේෂයෙන් පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබපද, අන්තර්ජාල මාධ්‍යයේ සීමාකම්, අන්තර්ජාල මාධ්‍ය සහ ස්ත්‍රී,පුරුෂභාවය නිසා ඇති වන තත්ත්වයන්, නවමාධ්‍ය ට ඇති අභියෝගයන් සහ අවස්ථා මෙන්ම පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස, මාධ්‍ය නිදහසේ පැතිකඩක් ලෙස සාකච්ඡා කරන්නේ කෙසේ ද? යන දිශාවන් ඔස්සේ මෙම සම්මන්ත්‍රණයේ අන්තර්ගතයන් විහි දී යයි.

එම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අදහස් දැක්වීම ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක, සංජන හත්තොටුව විසින් සිදු කරන අතර, තෙහානි ආරියරත්න, දිනිදු අල්විස්, සුනිල් ජයසේකර සහ අබ්දුල් හලීක් යන අය සිය කෙටි අදහස් දැක්වීම් වලින් සම්මන්ත්‍රණය පෝෂණය කරන අතර එම අදහස් දැක්වීම් මෙහෙයවනු ලබන්නේ අනෝමා රාජකරැණා විසිනි.

– විකල්ප

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: