you're reading...
Articles / ලිපි

හලාල් විරෝධි උද්ඝෝෂණයේ දෙවන වටය සහ ඇත්ත

_65938955_65938954හලාල් නැතිකළ හැකිද? අනවර් මනතුංග විසිනි

හලාල් වලට විරුද්ධව නව තරඟ වටයක් පටන්ගන්නේ ලංකාව තුල කැසිනෝ පිළිබඳව කුකුසක් පටන්ගත් අවදියකය. හලාල් පළමු වටය හමාර වන්නේ සිංහල දෙමල අලුත් අවුරුදු සමයේ ව්‍යාපාර කටයුතු අවසන් වීමත් සමගමය. ඒ හලාල් ගැන ගෝ.රා. විසින් බලාගන්නා බව පවසමිනි. මා සිතුවේ දෙවෙනි වටයක් අරම්භවන්නේ නැවත ඊළඟ season එකේදී, එනම් නත්තල් වෙළඳ සමයේදී බවයි. නමුත් රටේ අවාසනාවට මගදී රටතුලට මහාපරිමාණ කැසිනෝ ගෙන එම පිළිබඳව කතාබහක් පටන්ගත් බැවින් හදිස්සියේම දෙවන වටය පටන් ගන්නට සිදුවිය.
පළමු වටය තේමාව වුයේ ජමියතුල් උලමා සංවිදානය විසින් සිංහල ව්‍යාපාරිකයා ගසා කන බවත්, එතුලින් රුපියල් කෝටි 70ක මුදලක් ජමියතුල් උලමා සංවිදානය උපයන බවත්ය. වර්තමානයේ හලාල් සහතිකය නිකත් කරන්නෙ නොමිලේය (රුපියල් කෝටි 70ක අදායම අහිමිවීම නිසා ජමියතුල් උලමා සංවිදානයේ උලමාවරු තමන් සතුව තිබු Defender, BMW, Prado, Benz ආදී සුඛෝපබෝගී රථ විකුණා දමා, දැන් සාමාන්‍ය ස්කූටර් බාවිතා කරති. දැන් බොඩිගාර්ඩ්ස්ලත් නැත). එබැවින් එම තර්කය තවදුරටත් වලංගු නොවේ.

දැන් තේමාවවී ඇත්තේ තමන්ට බලෙන් හලාල් කවනවා යන්නය. සැබවින්ම මුස්ලිම්වරුන් අනුන්ට බලෙන් හලාල් කවනවද? ලංකාව තුල හලාල් නැතිකළ හැකිද?

මුහුදු, ඇළ, දොළ, ගංගා ආශ්‍රයෙන් අල්ලාගන්නා මත්ස්‍ය ආහාර හලල්ය. එම මත්ස්‍යයන් අල්ලාගෙන පැමිණියේ සිංහලයෙක්ද, දෙමලෙක්ද, මුසල්මනුවෙක්ද යන්න ඊට අදාළ නොවේ. එම ආහාර හලාල්ය, එනම් ආහාරයට අනුමතය. ගස්වැල් වලින් ලැබෙන බෝග, වෙල්යාය වලින් ලැබෙන වී, ඒවායින් පිසින ලද ආහාර, එළදෙනගෙන් ලබාගත් කිරි ආදියටත් එසේමය. ඒවා වගාකලේ හෝ පිළියෙළ කලේ බෞද්ධයෙක්ද, කතෝලිකයෙක්ද, හින්දු භාක්තිකයෙක්ද, ඉස්ලාම් භාක්තිකයෙක්ද යන්න අදාල නොවේ ඒවාද හලාල්ය, එනම් ආහාරයට අනුමතය. ජලය සම්බන්ධයෙන් ගත්විට පිරිසිදු, කැලිකසල වලින් තොර, මිනිස් සිරුරට අහිතකර නොවන ඇළ, දොළ, ගංගා ජලය හලාල්ය. මා දන්නා පරිදි ලංකාව තුල හරාම්වූ ජලය ඇත්තේ රතුපස්වල ප්‍රදේශයේය (ශරීරයට අහිතකර බැවින් හරාම් වේ).

හලාල් වලට විරුද්දව හඬනගන නොදන්නා කරුණක්, නැතිනම් සඟවන කරුණක් නම්, බෞද්ධ ධර්මානුකූලව පිළියෙළ කරන ආහාර මුස්ලිම් ජාතිකයන්ට හලාල් එනම් ආහාරයට අනුමත බව. මෙය හින්දු ආගමනුකුලාව පිළියෙළ කරන ආහාරවලටද අදාලවේ. සිංහල දෙමල අවුරුදු වලදී අපට ලැබෙන කැවුම්, කොකිස්, පොංගල් අදියද 100% ම හලාල්ය.

මෙම ආහාර අප විසින් බලෙන් කවන ආහාර නොවේ. සිය මව හෝ භාර්යාව විසින් තම ස්වාමියාගේ හා දරුවන්ගේ යහපත සඳහා පිසින සාමාන්‍ය පිරිසිදු ආහාරය.

මාංශ ආහාර ගත්විට ආහාරයට අනුමත සතුන් කොට්ටාශයක් සඳහන් කර ඇත. උදාහරණයක් ලෙස වෙනත් සතුන් දඩයම් කරකන කොටියා, සිංහයා සහ අසුචි ආහාරයට ගන්නා කපුටා වැනි සතුන් ඊට අදාල නොවේ. ආහාරයට අනුමත සතුන් වුවත් ඔවුන්ගේ මාංශ හලාල් වීමට සපුරාලිය යුතු කරුණු කිහිපයක් පවතී. එම සතුන් රෝගාබාධ වලින් තොර නිරෝගී විම, නියමිත වයස් සීමාව පසුකර තිබීම (හලාල්වූ සතුන්ගේ වුවද එම සතුන්ගේ පැටවුන්ගේ මාංශ ආහාරයට අනුමත නොවේ), තවද එම; සතුන් ගාතනය කිරීමේදී එම සතුන්ට වේදනාව අවමවන පරිදි අදාල නහර එකවර කපා ඝාතනය කලයුතුවිම (පොලුවලින් පහරදී වදබන්දනයට ලක්කර මරණයට පත්කළ සතුන්ගේ මාංශ හරාම් වේ). ඝාතනය කිරීමට යන සතෙකු ඉදිරියේ තවත් සතෙකු ගාතනය කිරීම, එම සතා ඉදිරියේ පිහිය මුවහත් කිරීම ආදිය නොකළ යුතුය.

එම සතා ඝාතනය කරන ස්ථානයේ ලේ පැල්ලම් හෝ වෙනත් ඝාතනය කල සත්වයකුගේ කොටස් ආදිය නොමැති වීම ආදී කරුණු රාශියක් සපුරාලිය යුතුය. (මේ සම්බන්ධව විශ්වාසදායක පොතපත පරිශීලනය කරන්න, ඉන්ටෙර්නෙට් එකේ ඇති කුණුගොඩවල් නොවේ). බෞද්ධයන් නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා බැවින් සත්ව මාංශ හලාල් ක්‍රමයට පිළියෙළ කිරීම පිළිබඳව ඔවුන් ගැටලුවක් ඇතිකරගත යුතු නොවේ.

එසේ නම් ඇයි හලාල් සහතිකයක් අවශ්‍ය වන්නේ? අද මං වෙජිටේරියන් කෙනෙක් කියා කියාගන්නා නිර්මාංශිකයින්ගේ ප්‍රියතම ආහාරයක් තමයි යෝගර්ට් කියන්නෙ. මෙය අපේ සිංහල ආහාරයක් වන මීකිරි හා සමාන මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරන කිරි ප්‍රධාන අන්තර්ගතය කරගත් මාංශමය හෙවත් නොන්-වෙජිටේරියන් ආහාරයකි. මෙයට ජෙලටින් නමැති, බොහෝවිට සත්වයකුගෙ ඇටකටු වලින් නිපදවාගත් ද්‍රවයකි. හලාල් සහතිකය අවශ්‍යවන්නේ මෙම සත්වමය අන්තර්ගතය එනම් ingredient එක හලාල්ද යන්න දැනගැනීම සඳහාය.

මෙහි සඳහන් කරුණු බොහොමයක් සාමාන්‍ය බෞද්ධ සහෝදරවරු නොදන්නා දෙයකි. එම නොදන්නා කම තම වාසියට හරවා ගත් පිරිසක් ඔවුන්ව මුලා කරන බව තේරුම් ගැනීමට හැකිවේවා!

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: