you're reading...
News/ප්‍රවෘත්ති

රනින් ඇතිරෑ ගුවන් තොට අධිවේගී මඟ

Untitledජනාධිපති රාජපක්ෂ විසින් පසුගිය දා විවෘත කරන ලද ගුවන් තොටුපොළ අධිවේගී මාර්ගය  සඳහා කළ වියදම පිරිසිදු රත්රන් ටොන් හතක වියදමට සමානය.  මෙවැනි වියදමක් සහිත අධිවේගී මාර්ගයක් ආසියාවේ කොතැනකවත් නැතැයි වාර්තාවේ.

කිලෝ මීටර 25. 8ක් දිග මෙම අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක් ගොඩ නැගීමේ වැය ඩොලර් මිලියන 11.30ක් හෙවත් රුපියල් මිලියන 1,500කි.  මෙයට පෙර විවෘත කරන ලද දකුණු අධිවේගී මාර්ගයේ කිලෝ මීටරයක් සඳහා වැය වූයේ ඩොලර් මිලියන 7.2ක් පමණි.

මෙම මුදල චීනයෙන් පියවනු ලැබුනේ චීනයෙන් ලබාගත් ඩොලර් 250ක ණයකිනි. එහි සමස්ත වැය ඩොලර් මිලියන 292ක් යැයි කියනු ලැබේ. රාජපක්ෂ ලංචනය දරන නව රුපියල් 1000 කොළවලින් මෙම ණය ගෙවුව හොත් එය ටොන් 35 තරම් වනු ඇත.

– LBOහි සටහනක් ඇසුරිනි

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: