you're reading...
News/ප්‍රවෘත්ති

හෙළ උරුමයට නීතිය හා සාමය ගැන මතක් වෙයි; වීරවංශට පා පහරක් ද දෙයි

රටේ ජනයාට වෙඩි තබා මරා දමන විට කට පියාගෙන සිටින ජාතික හෙළ උරුමයට හදිසියේ රටේ නීතිය හා සාමය ගැන මතක් වී තිබේ. ඒ තවත් ඒ වර්ගයේම පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායකයා විසින් පොලීසියට ඔත්තුව දෙන ලදැයි කියන සලාකා කැසිනෝ පොල සම්බන්ධයෙනි.  මෙම කැසිනෝ  පොළට විමල් වීරවංශගේ නෝනා සම්බන්ධව සිටියේ යන වෙබ් මාධ්‍ය පුවත් පුනරුච්චාරනය කරන හෙළ උරුමය අසන්නේ  මෙම කැසිනෝවට දේශපාලඥයින්ගේ බිරින්දෑවරුන්ගේ ඇති සම්බන්ධය කුමක් ද කියා ය. හෙළ උරුමයේ දේශපාලන ටිකිරි මොළයට අනුව රටේ නීතියේ පාලනය බිද වැටී ඇත්තේ කැසිනෝ නිසා පමණය! එනිසාම හෙළ උරුමය ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මහා පරිමාන කැසිනෝ නවත්වා නීතියේ පාලනය ආරක්ෂා කැන ලෙසයි.

මේ ඒ අපූරු ප්‍රකාශය යි.

මෙය බූරු පිටියක් ද? නැතිනම් කැසිනෝහලක් ද? එය නීත්‍යානුකූල ද? නැතිනම් නීති විරෝධී ද? එයට බලපත‍්‍ර තිබේ ද? මෙම බූරු පිටිය හෝ කැසිනෝ හලේ අයිතිකරු කවුද? මෙය පවත්වාගෙන ගියේ කාගේ අනුහසින් ද? එයට ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන්ගේ, දේශපාලඥයින්ගේ බිරින්`දෑවරුන්ගේ ඇති සම්බන්ධය කුමක් ද? මේ නීති විරෝධී කැසිනෝ ක්ලබ් එකට ආරක්‍ෂාව රැකවරණය අනුහස ලැබුණේ කාගෙන් ද? අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් 23 දෙනා මාරු කර යැවූ ඇත්ත හේතුව කුමක් ද? මේ සියල්ල ප‍්‍රහෙළිකාවකි. රහසකි. මේ පිටුපස සැඟවුණු කතාව සහ මෙම කැසිනෝහල පවත්වාගෙන ගිය පුද්ගලයන්, කාන්තාවන් හා ආරක්‍ෂක ප‍්‍රධානීන් කවුද? යන්න පිළිබදව වහාම රටට, ජනතාවට හෙළි කළ යුතුය.

සූදු පොළේදී අත්අඩංගුවට ගත් ප‍්‍රභූ පුද්ගලයින් 45 දෙනාට සිදුවූයේ කුමක් ද? ඔවුන් අධිකරණය ඉදිරිපත් කර නීතිය කි‍්‍රයාත්මක කළේ ද? මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් රට තුළ විශාල විරෝධයක් පවතින අවස්ථාවක මෙම සිදුවීම තුළින් පෙන්නුම් කරන්නේ නීති විරෝධී කැසිනෝහල්, සූදු පිටි රට තුළ තිබෙන බව නොවේ ද? ගෙනෙන්නට නියමිත ජේම්ස් පැකර් ගේ කැසිනෝ ව්‍යාපාර දැඩි නීති රීතිවලින් පාලනය කරන බව ප‍්‍රකාශ කළද, රට තුළ තිබෙන බලවත් පුද්ගලයින්ගේ අනුග‍්‍රහය යටතේ පවතින නීති විරෝධී කැසිනෝහල් වලට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක නොවේනම් අනාගතයේ ගෙනෙන්නට යන කැසිනෝ රජාගේ මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාර ගැන කවර කතාද? රට තුළ කැසිනෝ පෙට්ටි කඩ කරන මැඩම්ලා රටේ නීතිය බලූ කරන්නේ නම් උස්සා පොළොවේ ගසන්නේ නම් විදේශීය කැසිනෝ රජවරු රටේ නීතිය උඩු සුළගේ පා කර හරිනු ඇත. නීති විරෝධී කැසිනෝහල් වැටලූ නිලධාරීන්ට අත්වන ඉරණම මෙයනම්, රටේ නීතිය ගැන කවර බලාපොරොත්තුවක්ද? කැසිනෝ නියාමනය කරන්නට බෙරිහන් දෙන මැති ඇමතිවරුන්ගෙන් අප විමසා සිටින්නේ හැකිනම් ඇස් වාට්ටුවේ බූරුපොළ හෝ කැසිනෝ හල කාගේදැයි රටට හෙළි කරන ලෙසත් ඔවුන්ගේ නම් ගම් එළි දක්වන ලෙසත්ය. එයට ආරක්‍ෂාව දී ඇති මාධ්‍ය මගින් වාර්තා කරන ආරක්‍ෂක අංශවල මාධ්‍යභාර ප‍්‍රධානියා කවුද? මේ පැනයම අප පොලිස්පතිතුමාගෙන් විමසා සිටිමු.

ජනාධිපතිතුමනි, නීතියහරියටකිරයාත්මකනොවනරටකටආර්ථිකයගොඩගන්නටමහාපරිමාණකැසිනෝව්යාපාරඅපඑපාකියන්නේමේනිසාය

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: