you're reading...
News/ප්‍රවෘත්ති

උතුරු මහ අැමැති හමුදාෙවන් හරවා යවයි

ෙනාවැම්බර් 29 දින වලිගාමම් උතුර ආරක්‍ෂක කලාපයතුල සිඳුකරන නිවාස කඩා ඉවත්කිරීමේ කටයුතු දැක බලා ගැනීමට ගිය උතුරු පළාත් මහ ඇමැති ඇතුළු ආගමික නායකයන් පිරිසක් යුද හමුදාව විසින්  ආපසු හරවා යවා තිබේ.

වලිගාමම් අධි ආරක්‍ෂක කලාපයතුල දිගින් දිගටම සිඳුකරන නිවාස කඩා ඉවත්කිරීමේ කටයුතුවල මැද හින්දු කෝවිල්ද කඩා ඉවත්කරමින් සිටින බව මහ ඇමැතිගේ අවධානයට යොමුකර තිබු බවත්  ඒ  බව විමසීම පිනිස  උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන්  හින්දු ආගමික පූජකවරුන්ගෙන් යුතු කණ්ඩායමක් එම ප්‍රදේශය නිරික්‍ෂණය කිරීමට ගිය අවස්ථාවේදී මාවිට්ටපුරම් ප්‍රදේශයෙහි පිහිටි හමුදා මුර   ෙපාලදී   සිට හමුදාව විසින් ඔවුන්ව ආපසු හරවා යවා තිබේ.

මේ සම්බන්‍ධයෙන් උතුරෙහි දේශපාලනික ප්‍රධානියකු අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ, කාන්ගේසන්තුරයි නඩේස්වරා විදුහල හරහා යන විට ටව්සෙවන හෝටලය නමින් විශාල හෝටලයක්ද තිබෙන බවත් එම ප්‍රදේශයට සාමාන්‍ය පුරවැසියකුටද යෑමට අවසර තිබෙන නමුත් උතුරු පළාත් මහ ඇමැතිට එම ප්‍රදේශයට යෑමට නොදීම ඔහුව අගෞරව කිරීමේ ක්‍රියාවකි

පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල යන තත්වය ගොස් දැන් පළාත් සභා මහ ඇමැති තම පළාතයට අයත් ඉඩමක් දැක බලා ගැනීමටද පොලීසියෙහි හෝ හමුදාවගේ අනුමැතිය ලබාගත යුතු තත්වය නැතිනම් අගෞරවය කර ආපසු හරවා යැවීමේ තත්වයක් පවතින බවට හෙතෙම පැවසීය

– අැසුර ජීටීඒන්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: