you're reading...
News/ප්‍රවෘත්ති

මන්නාරම සමුහ මිනීවලෙන් තවත් හිස් කබල් මතුවේ

140116180423_mannar_mass_grave_144x81_bbc_nocreditතිරුකේතීස්වරමේ දී හමු වූ සමුහ මිනී වල තව දුරටත් කැණීමේ දී අලුතින් හිස් කබල් හතරක් මතු වූ බව විශේෂඥයෝ පවසති.
බ්‍රහස්පතින්දා කැණීම් නැවත ආරම්භ කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න ප්‍රකාශ කළේ, මීටර් එකහමාරක් පමණ දිගටත් සෙන්ටි මීටර දහයක් දොළහක් පමණ ගැඹුරටත් අලුතින් කනිද්දී මෙම හිස් කබල් හමුවූ බවයි.
ඒ අනුව මන්නාරමේ තිරුකේතීස්වරම් සමුහ මිනී වලෙන් මෙතෙක් මතු කොට ගත් හිස් කබල් සංඛ්‍යාව තිස් හයක්.

කැණීම් භුමියේ මාධ්‍යවේදීන් සමග සිටි දිනසේන රතුගමගේ පවසන්නේ, කාන්තාවන් පලඳින බවට සැක කළ හැකි පබලු කිහිපයක් ද හමු වූ බවයි.

කෙසේ වෙතත්, වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ස්ථිර නිගමනයක් දීම අපහසු බවයි.

තිරුකේතීස්වරම් මංගල්‍යය“මියගිය අයට අයිති දේ වෙන්නත් පුළුවන්, සමහර විට ඊට පැරණි වෙන්නත් පුළුවන්,” යැයි කියා සිටි විශේෂඥ වෛද්‍යවරයා විද්‍යාත්මක පරීක්ෂණයකින් නිගමනයකට නො එළැඹ අනුමාන කිරීම ප්‍රතික්ෂේප කළේය.

සිකුරාදා සිට දිගටම කර ගෙන යන කැණීම් කටයුතු තිරුකේතීස්වරම් දේව මංගල්‍යයට පෙර අවසන් කිරීමේ බලාපොරොත්තුව ද ඔහු පළ කළේය.

කෙසේ වෙතත්, ‘වෙනත් න්‍යාය පත්‍ර’ වල අවශ්‍යතා වෙනුවෙන් මන්නාරම සමුහ මිනී වලේ කැණීම් කිරීම තම අරමුණ නොවන බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මහා මාර්ගයක් තැනීමේ දී අහම්බෙන් මේ සමුහ මිනී වල මතු වූයේ ගෙවී ගිය වසරේ දෙසැම්බර් මස අග දී.
– සන්දේශය

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: