you're reading...
News/ප්‍රවෘත්ති

මට පුනරුත්ථාපනයක් දෙන්න යන්නේ අහවල් එකට ද? – ආනන්දි සසිදරන්

ananthi sasitharan_CI

ආනන්දි සසිදරන්

 කොළඹ මාධ්‍යයක් රජය විසින් මාව අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය ලබාදීමට තීරණය කර ඇතයි පුවතක් පලකර තිබේ. ශ්‍රී ලංකා හමුදා අංශ මේ ගැන පුළුල් ලෙස සොයා බලමින් සිටින බවද අදාල පුවතයෙහි සඳහන් කර ඇති අතර මේ සම්බන්‍ධයෙන් දේස් විදෙස්වල සිටින මානව හිතවාදී සංවිධාන හා නියෝජිතයන්, සංක්‍රාමික දෙමළ ජනතාවද මාගෙන් විමසා සිටී.
ඇත්තෙන් ම ලබන මාර්තු මස පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී රජය දැඩි බලපෑමකට මුහුණදීමට සිඳුවිය හැකි බවට පැවැසේ. මෙවැනි මාධ්‍ය ප්‍රචාරයන් හා තර්ජනයන් මඟින් බොරු චෝදනාවන් මඟින් මාවෙත අපවාද එල්ලකිරීමට තැත් කරන්නේ එවැනි තත්ත්වයත් යටතේ බව පෙනෙන්නට තිබේ.

පසුගිය වසර 21ක් තිස්සේ රාජ්‍ය සේවයේ කළමණාකරන සහකරු තනතුරක  දිස්ත්‍රික්ක තුනකදී සේවය කල මාව බෙදුම්වාදය පතුරවන බවට චෝදනාකර පුනරුත්ථාපනය කළ යුතුයැයි පැවැසීම හාස්‍යජනක කරුණකි.

දකුණේ ජාතිවාදී නායකයන්ව දේශප්‍රේමීන්  යැයි පෙන්වා ඔවුන්ගේ ජාතිවාදී අදහස් වලට ඔල්වරසන්දී ප්‍රශංසා කරන රජය, මානව හිමිකම ගැන සාධාරණව අදහස් ප්‍රකාශ කරමින් ඒ  සඳහා හඞ නඟන අප වැනි පුද්ගලයින් බෙදුම්වාදීන් යැයි හැදින් වීමට තැත් කිරීම මගින් පෙනෙන්නේ කුමක් ද?

ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත චෝදනාවලට සහ විභාගවලට මුහුණදීමට සිඳුවී සිටින රජය තමන්ට බලපෑමක් එල්ලකරන ජාත්‍යන්තර ප්‍රජාවට ද  පුනරුත්ථාපනය ලබාදිය යුතුයැයි පැවැසුවද එය පුදුමයක් නොවනු ඇත.

මුල්ලිවායිකාල් යුද්දය අවසානයේදී මම මාගේ දරුවන් සහ සැමියා සමඟ හමුදාව වෙත භාරවූ අවස්ථාවේදී මාව සහ මගේ දරුවන්ව අත්හැර මගේ සැමියාව පමණක් රඳවාගත්තේ ඇයි? අවශය  වූයේ නම් එම අවස්ථාවේ දී අපට පුනරුත්ථාපනය ලබාදීමට තිබුණි.

අද මා හුදකලා පුද්ගලයකු නොවේ, 80 දාහකට අධික ජනතාවගේ විශ්වාසනීය නියෝජිතවරියකි, ඔවුන් මා බෙදුම්වාදය පතුරනවන කාන්තාවකු ලෙස සැළකුවේ නැත.  ඔවුන් මා සළකන්නේ  සිය ජීවිත සහ මානව හිමිකම් සඳහා පෙනී සිටින කාන්තාවක ලෙසය. එලෙසම ජාත්‍යන්තර ප්‍රජාවද  ඒ බව පිළිගෙන මට ආත්ම ශක්තිය ලබාදී මාගේ සාධාරණ අරගලයට සවන් දෙමින් සිටී.

මෙවැනි තත්වයකදී මම බෙදුම්වාදියකු නම් මාව මැතිවරණයට ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානය, මට සහයෝගය ලබාදී ජයග්‍රහණය කළ ජනතාව, මට දෙමළ ජාතිත්වය ගැන මඟ පෙන්වන සම්බන්‍ධන් මහතා, මාවයි සේනාදිරාජා මහතා, ඇතුළු දෙමළ ජාතිකවාදී දේශපාලනඥයින්  සියළු දෙනාම බෙදුම්වාදීන් ද?

එසේ නම් මෙම පුනරුත්ථාපනය මෙම සියළු දෙනාට ම ලබාදිය යුතු නේද?

එක් ජාතියක සාධාරණ මානව, දේශපාලනික හා ජීවින අයිතිවාසිකම් ලබාදීමට නොහැකිව අපොහොසත්ව එම ජනතාව ආයුධ පෙන්වා යටත්කර ගැනීමට සිතන බහුවාදී චින්තකයන්ට එල්ලවී තිබෙන ජාත්‍යන්තර බලපෑම් හමුවෙහි තව තවත් දුෂ්ඨකම්  කිරීමට පොළඹවී ඇති බව මෙම පුනරුත්ථාපනය සම්බන්‍ධ පුවත මඟින් පෙන්නුම් කරයි.
 ආනන්දි එලිලන් මහත්මිය විසින් නිතුක්තරන ලද  නිවේදනයක් ඇසුරෙනි. උපුටා ගැනීම ග්ලෝබල් සිංහල පුවත් ඇසුරෙනි

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: