you're reading...
News/ප්‍රවෘත්ති

කට එහෙම පිටින්ම ඇරුණූ හිස් කබලක් මන්නාරම සමූහ මිනි වළෙන්

16_01_2014_Mannaar_01_106143_445

තිස් හයෙන් එක් හිස් කබලක්

ඉකාම අස්වාභාවික ලෙස මුඛය මහ මුලින්ම ඇර‍ තිබිය දී වළ දමන ලද අයෙකුගේ හිස් කබලක් පසුගිය බ්‍රහස්පතින්දා මන්නාරම සමූහ මිනී වළෙන් හමු වී තිබේ.  මෙවැනි ඉරියව්වකින් කෙනෙකු වැළලෙනේ එක්කෝ  ඝාතකයින් විසින් උවමනාවෙන්ම කළ හොත් හෝ දරුණු වධ හිංසා නිසා මුඛය වසා ගැනීමට බැරිව මිය ගිය නිසා හෝ විය හැකි යැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ‍මෙම සමූහ මිනි වළෙන් පුද්ගලයින් 36 දෙනෙකුගේ අස්ථි කොටස් හමු වී තිබේ. මෙසේ වළ දමන ලද බොහෝ පුද්ගලයින් ඝාතනය කර ඇත්තේ සිටුවා පස් ගසා ඇති පරිදි කෙලින් අතට ය.

මෙයට පෙර මාතලයේ දී හමු වු සමූහ මිනි වළෙහි තිබූ සිරුරුද ඉතා අස්වාභාවික ඉරියව් වලින් වළ දමා තිබූණි. එම පරීක්ෂණයට වූ දෙයක් තවම නැත.

මෙම සිරුරු ‍හමුදාව විසින් මරා දමන ලද දෙමළ ජනයාගේ යැයි දෙමළ දේශපාලන පිරිස් ප්‍රකාශ කරන අතර ඒවා ඒලටීටීඊ ය විසින් ඝාතනයකරන ලද හමුදා හෝ දෙමළ ජනයාගේ සිරුරු විය හැකි යැයි ආන්ඩුවට සම්බන්ධ පිරිස් ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වන හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ප්‍රධානියකු කියා ඇත්තේ සත්‍ය කුමක්දැයි දැන ගැනීම පිණිස පාරදෘශ්‍ය පරීක්ෂනයට ඉඩ සැළසීම ආන්ඩුවේ වගකිම බවයි.

About sd

journalist and human rights activist
%d bloggers like this: