you're reading...
Articles / ලිපි

නවකතාකරුවා කළ යුත්තේ පාඨකයා භාවමය චාරිකාවක ගෙන යෑමයි ! – ශී‍්‍රී‍්‍ර ලාංකික ඉංගී‍්‍රසි ලේඛ්ඛක ශ්‍යාම් සෙල්ව්වදොරෙයි

අජිත් නිශාන්ත විසිනි

අලූත් නවකතාව ඔබ මෙයට පෙර රචනා කළ කෘතීන්වලට වඩා වෙනස් වන්නේ කුමන ආකාරයටද?

කලින් නවකතා සහ මේ නවකතාව අතර ලොකු වෙනසක් නැහැ. නමුත් මේ නවකතාවට යොදාගත් තේමාව තරමක් වෙනස් කියලා කියන්න පුළුවන්. බෞද්ධ දර්ශනයේ ස`දහන් වන මෙත්තාව, මුදිතාව, කරුණා සහ දයාව වැනි තේමාවන් මම මේ පොතට යොදාගෙන තියෙනවා. බෞද්ධ කතා පුවත්වල කියැවෙන විදිහට ජීවත්ව සිටිද්දී අධික කෑදරකම් කරපු, කෑමට බීමට බොහෝ ගිජුකම් දක්වපු අය පේ‍්‍රතයන්, එහෙමත් නැත්නම් පෙරේතයන් වෙලා උපත ලබන්න ඉඩ තියෙනවා. කොච්චර කෑමබීම ගත්තත් ඔවුන්ගෙ කුසගිනි කවදාවත් නිවෙන්නේ නෑ. ජීවත්වෙලා ඉන්න අය මේ පේ‍්‍රත ආත්ම ලබපු අය වෙනුවෙන් කුසල් රැුස් කරලා පින් දෙන්න ඕනෑ කියලා විශ්වාසයක් තියෙනවා. මගේ මේ නවකතාවේ ගේදොර, ඉඩකඩම්, මිලමුදල් සහ බලය වගේ දේවල්වලට බොහොම දැඩි විදිහට ලොබ බ`දින, අනෙක් අයගේ අවශ්‍යතා ගැන පොඞ්ඩක්වත් නොහිතන ආත්මාර්ථකාමී විදිහට ජීවත් වෙලා මරණයෙන් පසුව පේ‍්‍රත ආත්මයක් ලබන ශී‍්‍ර ලාංකික කාන්තාවක් ගැන කියැවෙනවා. ඇගේ සිතුම් පැතුම් සහ ජීවන රටාව යුද්ධයෙන් පීඩා වි`දින ශී‍්‍ර ලංකාවේ දේශපාලන වටපිටාවත් එක්ක සමපාත වන ආකාරය මම මේ කතාව හරහා ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තා. මේ කාන්තාවගේ මුණුපුරා වන ශිවන් රාසයියා තමයි නවකතාවේ ප‍්‍රධාන චරිතය විදිහට ඉදිරිපත් වෙන්නේ. ඔහු සිංහල සහ දෙමළ මිශ‍්‍ර විවාහයක දරුවෙක් හැටියට උපත ලබන කෙනෙක්. තමන්ගේ අත්තම්මාගේ ආදරය ලබමින් හුරුබුහුටි දරුවෙක් විදිහට හැදෙන වැඩෙන ඔහු පසු කාලයකදී සමලිංගික ජීවිතයට පි‍්‍රය කරන්නෙක් බවට පත් වෙනවා. නවකතාව පටන් ගන්නේ ගරාවැටෙමින් තියෙන පරණ ගෙදර ලෙඩ ඇ`දට වැටිලා ඉන්න ආත්තම්මාව ටොරොන්ටෝ නුවරට එක්කගෙන යන්න කැනඩාවේ ජීවත් වෙන ශිවන් ලංකාවට එන තැනින්. එතැනින් පටන් ගන්නා මේ නවකතාව හරහා මම පවුල, ධනය සහ අතීතය කියන කාරණා හරහා වාර්ගික, දේශපාලනික සහ ලිංගික විෂමතා නිසා රටක් වගේම මිනිස් හදවතක් වුණත් බි`දී යා හැකි ආකාරය ගැන කතා කරනවා.

බෞද්ධ දර්ශනයේ සංකල්ප මේ නවකතාවට මුසු කරගන්න ඔබ තීරණය කළේ ඇයි?

පහුගිය අවුරුදු දහයක පමණ කාලයක් ඇතුළත මට බෞද්ධ දර්ශනය ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. බෞද්ධ සාහිත්‍යයට සම්බන්ධ පොත්පත් විශාල ප‍්‍රමාණයක් මට කියවන්න ලැබුණා. මම ඒ පොත් කියෙව්වේ ඉංගී‍්‍රසි පරිවර්තන හරහායි. රංජනී ඕබේසේකරගේ පරිවර්තන හරහා මම ජාතක කතා ඇතුළත් බෞද්ධ පොත් රාශියක් කියෙව්වා. මම දැඩිව ආගමක් අදහන කෙනෙක් හෝ ආගම්වාදියෙක් නෙවෙයි. නමුත් බෞද්ධ දර්ශනය ගැන මා තුළ විශේෂ ඇල්මක් ඇති වුණා. ජීවිතය සැහැල්ලූවෙන් සහ හො`ද අවබෝධයකින් යුතුව ගත කරන්න පුළුවන් මග බෞද්ධ දර්ශනයෙන් ඉගෙන ගන්න පුළුවන්. බෞද්ධ පොතපත කියැවීමෙන් මම ලබාගත්තු දැනුම සාහිත්‍යමය ආකාරයකින් මේ නවකතාවට මුසු කරගන්න මට අවශ්‍ය වුණා. බෞද්ධ දර්ශනය ඉතාම රසවත් ආඛ්‍යානමය ස්වරූපයෙන් ඉදිරිපත් කරන ජාතක කතා වැනි නිර්මාණ අද කාලයට ගැලපෙන විදිහට ඉදිරිපත් කරන්න මම කිසියම් උත්සාහයක් දරුවා.

ඔබ මෙයට පෙර රචනා කළ ‘ෆනි බෝයි’ නවකතාවට පසුබිම් වුණේ ලංකාවේ එක්තරා අ`දුරු කාල පරිච්ෙඡ්දයක්. දෙමළ ජාතිකයෙකු වීමත්, සමලිංගිකයකු වීමත් බොහෝ අයගේ උදහසට සහ දෝෂ දර්ශනයට ලක්විය හැකි පසුබිමක් ඒ කාලයේ ලංකාවේ තිබුණා. ඔබේ අලූත් නවකතාව ස`දහා යොදාගත් පසුබිම මොන වගේ එකක්ද?

මම ලංකාවේ සහ කැනඩාවේ ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් මේ නවකතාවට පාදක වෙලා තියෙනවා. ශී‍්‍ර ලංකාවේ සුළු ජන කොටසක් වන ද්‍රවිඩ ජාතියට අයත් පවුලක ඉපදිලා පසුව කැනඩාවේ පදිංචියට ගිය කෙනෙක් වගේම සමලිංගිකයෙක් හැටියට පහුගිය කාලය තුළදී මට අහන්න දකින්න ලැබුණු බොහෝ දේවල් මේ නවකතාවට ඇතුළත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ නවකතාවක් ලියනකොට අදාළ කාලය සහ සමාජ දේශපාලනික පසුබිම වැනි කරුණු ගැන පර්යේෂණ සහ අධ්‍යයන කළ යුතු වුණත් මේ නවකතාව ලියද්දී මට එහෙම අමුතුවෙන් පර්යේෂණ සහ අධ්‍යයන කරන්න ඕනෑ වුණේ නැහැ. මොකද මේ කතාවට සම්බන්ධ සිද්ධි සහ චරිත මගේ ජීවිතයට ඉතාම සමීපයි.

ෆනි බෝයි නවකතාව ස්වයංලිඛිත චරිතා පදානයක්ද?

නැහැ, ඒක ස්වයංලිඛිත චරිතාපදාන ලක්ෂණ සහිත නවකතාවක්. ඒ කතාවේ ප‍්‍රධාන චරිතය සහ මා අතර සමානතා තියෙනවා. මම සමලිංගිකයෙක්. මේ නවකතාවේ ප‍්‍රධාන චරිතයත් සමලිංගිකයෙක්. මම ලංකාවේ ඉපදුණු ද්‍රවිඩ ජාතිකයෙක්. නවකතාවේ ප‍්‍රධාන චරිතයත් ලංකාවේ ඉපදුණු ද්‍රවිඩ ජාතිකයෙක්. මම කැනඩාවේ පදිංචියට ගියා. නවකතාවේ ප‍්‍රධාන චරිතයත් කැනඩාවට යනවා. ඒවා තමයි මා සහ නවකතාවේ ප‍්‍රධාන චරිතය අතර තියෙන සමානතා.

නමුත් නවකතාවේ ප‍්‍රධාන චරිතය වන ආර්ජිගේ පවුල් පසුබිම සහ ඔබේ පවුල් පසුබිම එකිනෙකට වෙනස්?

ඔව්, සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්. මගේ පවුලේ ඒ තරම් සාම්ප‍්‍රදායික විදිහට හිතපු අය හිටියේ නැහැ. ඇත්තම කියනවා නම් අපේ පවුල තරමක් අසාමාන්‍ය එකක්. මගේ අම්මායි තාත්තායි අතරේ සිදුවෙලා තිබුණේ මිශ‍්‍ර විවාහයක්. මගේ තාත්තා ද්‍රවිඩ ජාතිකයෙක්. අම්මා සිංහල කාන්තාවක්. ඒ නිසාම අපේ වයසේ අනිත් ළමයින්ට වඩා අපි තරමක් වෙනස් කියලා ඒ දවස්වල ඉදලාම අපි දැනගෙනයි හිටියේ. ඒ වගේම මගේ අම්මා වෛද්‍යවරියක්. නවකතාවේ ඉන්න අම්මා ඒ වගේ ආර්ථික ස්ථාවරත්වයක් තියෙන කෙනෙක් නෙවෙයි.

ෆනි බෝයි නවකතාවේ මෙන්ම ඔබේ අලූත් නවකතාවේත් ස්වයංලිඛිත චරිතාපදානයක ලක්ෂණ දැකිය හැකියි. මේ ඔබේ කතාවද? මේ නවකතාවේ ප‍්‍රධාන චරිතය වන ශිවන් ඔබද?

නැහැ, මේ නවකතාවත් ස්වයංලිඛිත චරිතාපදාන යකින් ඔබ්බට ගිය ප‍්‍රබන්ධයක්. කතාවේ එන සිදුවීම්, ස්ථාන සහ කාල වකවානු කියන මේ හැමදෙයකම සත්‍යය සහ පරිකල්පනය මුසු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ශිවන් ස්කාබොරෝ නුවරට ගොඩ බහින අවස්ථාවේ ඔහුට ඇති වන හැ`ගීම සහ අසූව දශකයේ රටෙන් පිට වෙලා වෙනත් රටවල්වලට ගිය අයට දැනුණු දේවල් අතර වෙනසක් නැහැ. ඒ හැ`ගීම් සහ සිතුම්පැතුම් එක සමානයි. ඒවා ඇත්තටම සිදු වුණු දේවල් මිසක් ප‍්‍රබන්ධ නෙවෙයි. මේ දේවල් ගැන ලියද්දී මම, මගේ සහ මගේ යාළුවන්ගේ අත්දැකීම් නවකතාවට එකතු කරගත්තා.

නමුත් මේ නවකතාව කියවාගෙන යද්දී මෙය ප‍්‍රබන්ධයකට වඩා චරිතාපදානයකට සමාන බවක් දැනෙනවා?

පාඨකයා මේ නවකතාවේ කථකයා සම`ග බද්ධ විය යුතුයි කියලා හිතාගෙන ලියපු නිසා කථකයා සහ නවකතාවේ චරිතය කියන දෙදෙනාම එකම පුද්ගලයෙක්ය කියා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මේ නවකතාවේ ඉන්න ශිවන් මම නෙවෙයි. ඔහු මුහුණ දෙන ආකාරයේ ගැටලූ මට තිබුණේ නැහැ. මේ නවකතාවේ ඉන්න ශිවන්ගේ අත්තම්මා වගේ අත්තම්මා කෙනෙක් මට හිටියේ නැහැ. ඒ අත්තම්මා මේ නවකතාවට හැඩයක් සහ ගැඹුරක් එක් කරන්න මම නිර්මාණය කරපු චරිතයක්. පවුල ගැන ගැඹුරු විදිහට කතා කරමින්, ඒ පවුලේ සාමාජිකයෙක් වන ශිවන් ඇත්ත චරිතයක් විදිහට මතු කරලා පෙන්වන්නයි මට අවශ්‍ය වුණේ. ඔහු සැබෑ පුද්ගල චරිතයක් හැටියට ඉදිරිපත් කළොත් ඒ චරිතයත් එක්ක පාඨකයා බද්ධ වෙයි කියන විශ්වාසය මට තිබුණා. නවකතාවල ඉන්න චරිත සැබෑම පුද්ගලයන් කියලා හිතාගෙන පාඨකයන් ඒ චරිතවලට සමීප වෙනවා කියන්නේ රචකයාගේ ජයග‍්‍රහණයක්.

මේ නවකතාවේ ශිවන් හරහා ඔබ ශී‍්‍ර ලංකාව ගැන මවන්නට උත්සාහ කරන්නේ කුමන ආකාරයේ චිත‍්‍රයක්ද? ඔබත් ශිවන් වගේම රටෙන් දුරස් වූ කෙනෙක්ද?

නැහැ, මම ශිවන් වගේ කෙනෙක් නෙවෙයි. මම එදා වගේම අදත් ලංකාවට ආදරෙයි. මේ රට ගැන සැබෑ ස්වරූපය මිසක් අමුතු චිත‍්‍රයක් මවා පාන්න මම උත්සාහ ගන්නේ නැහැ. මම බොහෝ විට මේ රටෙන් දුරස්ව කැනඩාවේ ජීවිතය ගත කරන අවස්ථා තියෙනවා. එහෙම ඉන්නකොට මේ රටත් එක්ක මගෙ තියෙන බැ`දීම තවත් වැඩි වෙනවා කියලා මට හිතෙනවා.

අප ශී‍්‍ර ලංකාව අත හැර යනවා නම් එසේ යන්නේ ශී‍්‍ර ලංකාව ප‍්‍රථමයෙන්ම අප අත හැර දැමූ නිසායි (If we are abandoning Sri Lanka, it’s because Sri Lanka abandoned us first) යනුවෙන් ඔබේ කතා නායකයා කියනවා. එහෙත් ඔබ උපන් රට වන ශී‍්‍ර ලංකාව අත හැර නොයා යළි මෙරටට පැමිණෙමින් රටත් සම`ග සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින් සිටිනවා. ශිවන් ආපසු ලංකාවට පැමිණි පසු ඔහුට දැනුණු ආකාරයේ හුදෙකලාබවක් ඔබටත් දැනුණාද?

මම 1992 සිට ආපසු ලංකාවට එන්න පටන්ගත්තා. මුලින් මුලින් මටත් යම් ආකාරයක හුදෙකලාබවක් දැනුණා. හැබැයි ශී‍්‍ර ලංකාව, විශේෂයෙන්ම මගේ කාලය වැඩියෙන්ම ගත වෙන කොළඹ සමාජය ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස්වීමත් එක්ක මගේ හුදෙකලාබව දුරුවෙන්න පටන්ගත්තා. ඒ නිසා සමලිංගික ඇසුරක් පවත්වාගෙන යන්න වුණත් ගැටලූවක් නැති තත්ත්වයක් ශී‍්‍ර ලංකාවේ නිර්මාණය වෙමින් තිබෙනවා. ඕනම තැනකට අනුව හැඩ ගැහෙන්න ඕනෑය කියන අදහස කාලයකට කලින් මම වෙනස් කරගත්තා. ඇත්තටම එහෙම හැඩ ගැහෙනවාය කියන එක මෝඩ වැඩක්. ඒ අදහස වෙනස්කරගත්තාම හිතට ලොකු නිදහසක් දැනෙනවා.

දැන් මට කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. මම ලංකාවේ සුළු ජන කොටසකට අයිති, සමලිංගික චර්යාව පි‍්‍රය කරන කෙනෙක්. හැබැයි දැන් ඒ ගැන කාටවත් ප‍්‍රශ්නයක් ඇති බවක් මට පෙනෙන්නේ නැහැ. පොඩි කාලේදීම මට ඕනෑ වුණා උසස් අධ්‍යාපනය හදාරන්න පිටරට යන්න. ඉස්සර ඒක කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. හැබැයි අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා. වෙනත් රටකට ගිහින් අධ්‍යාපනය ලබන්න හෝ රැුකියාවක් කරන්න දැන් කාටවත් බාධාවක් නැහැ. අවුරුදු තිහක් ඇතුළත බොහෝ දේවල් සතුටුදායක විදිහට වෙනස් වෙලා තියෙනවා. අපි මුලින්ම ස්කාබොරෝ නුවරට යනකොට එහේ තිබුණේ ලංකාවේ සිල්ලර බඩු කඩ එකයි. ඒත් දැන් නම් එක එක විදිහේ කඩ සාප්පු හැම තැනම වගේ තියෙනවා. හැම දෙයක්ම හැම අතින්ම දියුණු වෙලා

– Ravaya

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: