you're reading...
News/ප්‍රවෘත්ති

පුලුවන් නම් අත් අඩංඟුවට ගන්න – බිෂොප් රායප්පු ජෝෂප් රාවන බලයට අභියෝග කරයි

index

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් අත් අඩංඟුවට ගන්නා ලෙස රාවන බලය නම් රණකාමී බෞද්ධ භික්ෂුන්ගේ සංවිධානයක් විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වන රදගුරුවරයා හැකි නම් තමා අත් අඩංඟවට ගන්නා ලෙස රාවන බලයට අභියෝග කර තිබේ.

රාවන බලය යනු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස  නම් භික්ෂුවක විසින් පවත්වා ගෙන යන ප්‍රචන්ඩකාරී එකතුවකි.

පසුගිය දා අගමැති දසනායක ඉවත් කරන සේ ගුටි ඇන ගන්නා උද්ඝෝෂණයක නිරත වූයේ ද මෙම කන්ඩායම යි.

රදගුරු රායප්පු ජෝශප් මැතදී ලංකාවට පැමිණි ඇමෙරිකානු නියෝජිත රැප් හමු වී ශ්‍රී ලංකන්ඩුව යුද සමයේ දී පොකුරු බෝම්බ යොදා ගත්තේ දැයි පරීක්ෂා කර බලන ලෙස ද ඉල්ලා සිටියේ ය.

රාවන බලය ඔහු අත් අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලා සිටියේ මෙම කාරණය නිසා ය.

මෙම අභියෝගයට ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හාමුදරුවෝ තවම උත්තරයක් දී නැත.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: