you're reading...
Articles / ලිපි

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මෙගා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බලපෑමට හසුවූවන්ගේ ජිවිතවල ක‍්‍රමයෙන් පිරිහෙන ගුණාත්මකභාවය

news_2011_6_images_news48915-olympic-image1

හම්බන්තොට සැළසුම්!!

අපි උත්පත්තියෙන්ම ධීවරයො. එදා අපේ බෝට්ටු නතර කළ තොටුපොල තමයි දැන් අලුත් වරාය හදන්න පාවිච්චි කරල තියෙන්නේ. මේක හදන්න පටන් ගත් දා සිටම අපට අපේ තොටුපොළ අත්හරින්න වුනා. ජීවනෝපාය අහිමි වීම වෙනුවෙන් අපට සුළු වන්දියක් ලබා දුන්නා.
ඒ අවස්ථාවේ අපි ඔක්කොම ධීවරයො 33 දෙනෙකු වගේ සිටියා. වරාය අධිකාරිය මගින් අපට රැකියා ලබා දෙන බව කිව්වාග කොහොම වුනත් පොරොන්දු වූ පරිදි අපට රැකියා ලැබුණේ නැහැ.

ධීවර රැකියාව හැර වෙනත් කිසිම රැකියාවක් අප දන්නේ නැහැ. මට මාළු විකුණන්න නම් දැන් කි.මී.18 ක් ගෙවාගෙන පරණ ටවුමට යන්න  ඕනෑ. කලින් නම් ඒ ගමන කි.මී. 6 ක් විතරයි.

වරායේ සියළුම රැුකියාවන් ලබා දෙන්නේ පිටස්තර අයට. ඒ සියළුම රැකියා තාවකාලික ඒවා නිසා රු. 300 ක වගේ ආදායමක් දවසකට උපයන්න අපි ලූණු විකුණනවා. අප පාර දිගේ මේ තාවකාලික මඩු හදා ගෙන ඉන්නෙ.

නමුත් අපට දන්වලා තිබෙනවා ඒවා අයින් කරන්න  කියල, යි හම්බන්තොට මිරිජ්ජවල අලුත් පාරේ පදිංචි අයෙකු කීවේය.

ඉහත කී කථාවෙන් පැහැදිලිව කරන්නේ ප‍්‍රදේශයේ ජනතාවගේ සුභසාධනය කෙරෙහි දක්වන අඩු සැලකිල්ලයි. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිදු කෙරෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රධානතම අඩුපාඩුවක් ලෙස එය දැක්විය හැකිය.

එමෙන්ම මෙම ගැටළුවලට විසඳුම් සෙවීමට වගකීමක් ඇති අය එය සම්පූර්ණයෙන් පැහැරහැරීම මෙමගින් පෙන්නුම් කෙරේ.

ආරුබොක්ක සහ කජුවගාව යන ගම්මානවල එක් බිම් කැබැල්ල අක්කර 2ක් පමණ වූ තම පාරම්පරික උරුම ක්කාර ඉඩම්වල ජීවත් වූ පවුල් 75ක් පමණ දැන් සිරිබෝපුර නව නගරයේ, මාගම් රුහුණුපුර පරිපාලන සංකිර්ණයට යාබදව පිහිටි වරාය ගම්මානයේ පර්චස් 20 ක බිම් කැබලිවල ජීවත් වෙති.

2008/2009 වසරවල සිට අලුත් තැනක පදිංචි කරවීමත් සමගම තමන් කලින් ජීවත් වූ ජීවන තත්ත්වය අත්පත් කරගැනීමටවත් තමන්ට තවම නොහැකි වී ඇති බව මෙම ගම්වාසීහු ප‍්‍රකාශ කරති.

මෙම තත්ත්වයට බලපාන හේතු විවිධාකාර වේ. වරාය අධිකාරිය මගින් අනුගමනය කරන ලද ඇගයීම් හා වන්දි ලබා දීමේ ක‍්‍රියාවලිය පදනමක් රහිත හා අසාධාරණ නිසාම එයට තමන් මුල සිටම විරුද්ධ වූ බව මෙම ජනතාව කියා සිටිති.

ඒ අනුව බොහෝ දෙනෙකුට තම අත්හැරි දේපල වෙනුවෙන් ලැබුණු රු.ලක්ෂ 5 ක වන්දිය අතිශයින්ම අයුක්ති සහගත බව ඔවුහු ප‍්‍රකාශ කරති. ඔවුන් නව නිවාස ඉදි කිරීම අරඹන කාලය වන විට ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබුණු නිසා ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමට ලැබුණු මුදල මදි වී ඇත.

මේ අනුව මෙම ජනතාව දැන් අඩක් සම්පූර්ණ නිවාසවල ජිවත් වන අතර තම නිවෙස්වල ඉතිරි වැඩකටයුතු සැපිරීමේ බලාපොරොත්තුද ගිලිහී ඇත.
තම ගම්මානවල සිට ඇවිදින දුරකින් පිහිටි පැරණි හම්බන්තොට නගරයේ හා එ් අවට ගඩොල් කැපීම, කජු ඇට  වෙළදාම, දර විකිණීම සහ වෙනත් විවිධ කුලී රැුකියාවල මෙම ජනතාව නිරතව සිටි අතර එමගින් ඔවුනට හොඳ ආදායමක් ලැබුණි. තමනට අවශ්‍ය එළවළු පළතුරු සහ ධාන්‍ය වර්ග ඔවුහු තම වත්තේම වගා කර ගත්හ.

තමන් දැන් අළුතින් පදිංචි වී සිටින කුඩා ඉඩම්වල ඉඩකඩ නොමැති වීම නිසා කිසිදු ආදායම් උත්පාදන කටයුත්තක නිරත වීමට ඔවුනට නොහැකි වී ඇත.

ඔවුන්ට තමන් ජීවත් වන ස්ථානයෙන් බැහැර ස්ථානයක කාෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් අක්කරයක් බැගින් ලබා දී තිබුණද ජලය නොමැතිකමත් විදුලි වැටක් තිබුණ ද වල් අලින් පැමිණ භෝග විනාශ කිරීම වැනි තත්ත්වයන් නිසා ඔවුන්ගෙන් බහුතරයක් වගා සහ වැවිලි කටයුතුවල නිරත නොවෙති. එහෙයින් මෙම දුෂ්කරතාවයන්ට පත් ප‍්‍රජාවට තම ජීවනෝපාය ලෙස තමාට ලැබෙන කුමන හෝ කුලී වැඩක නිරත වීමට සිදු වී ඇත.

සමහර කාන්තාවන් කුඩා තේ කඩවලට සහ පරිපාලන සංකිර්ණයේ ආපන ශාලාවට ආහාර සපයති; එසේ නැතහොත් පවිත‍්‍ර කිරීම් ආයතනවලට සම්බන්ධ වී දෛනික සේවකයන් ලෙස කටයුතු කරති.

දවසේ ආහාර වේල් තුන සකසාගැනීම, තම දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සහ සෞඛ්‍යය සහ වෙනත් පහසුකම් ලබාගැනීම සඳහා ඔවුන්ගේ ඉපයීමට යන්තමින් ප‍්‍රමාණවත්ය.

හම්බන්තොට නව වරාය ඉදි කිරීමේ සෘජු බලපෑමෙන් අවතැන් වූ ජනතාවගේ ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඒ සම්බන්ධයෙන් සෘජුවම වගකීම ඇති රාජ්‍ය ආයතනය වන ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අසමත් වී ඇත.

ඒ හේතුවෙන් මෙම ජනතාවගේ ජීවිතවල ගුණාත්මක බව ක‍්‍රමයෙන් පිරිහී යමින් ඇත ග සාධාරණ ඇගයීම් පටිපාටියක් මත පදනම්ව මෙම ජනතාවට වන්දි ලබා දීමල වෛද්‍ය පහසුකම්, විධිමත් ප‍්‍රවාහන පහසුකම්, ගම්මානයට වීථි ලාම්පු ලබා දීමට හා වරාය ගමේ සහ ඒ අවට මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමට ඔවුන් අසමත් වී ඇත. මේ හේතු කොට මෙම නැවත පදිංචි කළ ප‍්‍රදේශය තවමත් ජනගහනයෙන් තොර හුදකලා ප‍්‍රදේශයක් ලෙස පවතින අතර එම ප‍්‍රදේශයට නිරන්තරවම වල් අලි පැමිණෙති.

වරාය අධිකාරිය විසින් පොරොන්දු වූ ආකාරයට මෙම පවුල්වල එක් සාමාජිකයෙකු හට නව වරාය තුළ රැුකියාවක් ලබා දීම සිදු කොට නොමැති හෙයින් සංවර්ධනය අඩු මට්ටමක පැවතෙන මෙම නැවත පදිංචි කළ ප‍්‍රදේශය තුළ සිටින පදිංචිකරුවන්ට දෛනික රැුකියාවන් හෝ වෙන කුමන
ආදායම් උත්පාදන මාර්ගයක් හෝ සොයාගැනීම අභියෝගයක් වී ඇත. එනිසාම ඔවුන් අති අසරණ වී ඇත.

පසුගිය පස් වසර පුරාවටම ඔවුන්ගේ හ`ඩට සවන් දීම රජය දිගින් දිගටම පැහැර හැර ඇත.
චමිල ප‍්‍රියංක

-ESCR  ඇසුරිනි

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: