you're reading...
News/ප්‍රවෘත්ති

හෙළ උරැමයේ බිලියනයේ නඩුවට අගමැති උත්තරය: හොර චීවරධාරියන් අමුඩ ගස්සල මහවැලි ග‍‍ඟේ පහළට යවන්න ඕනෙ

imagesඅගමැති ද.මු. දසනායකගෙන් තමන්ට අපහාස කළැයි රුපියල් බිලියනයක් ඉල්ලා හෙළ උරුමයෙන් යැවූ නඩු ලිපියට වහෙන් ඔරෝ භාෂාවෙන් පිළිතුරු දෙන අගමැති කියන්නේ හොර චීවරධාරියන් අමුඩ ගස්සල මහවැලි ග‍‍ඟේ පහළට පා කර යැවිය යුතු බවයි.
අගමැති දසනායක මේ බව කියා ඇත්තේ ඊයේ මහනුවර පැවැති රුස්වීමක දී ය. කොහන්දෝ පාත් වෙච්ච ගොල්ලක් සිව්රු දා ගෙන දැන් කෑගහනවා උන් යවන්න ඕනේ අමුඩෙ පිටින් එත් සිව්ර අස්සෙ හංගිලා ඉන්න නිසා අපට කර ගන්න දෙයක් නෑ යැයි ද අගමැති කියා තිබේ.

අගමැති දසනායකගෙන් රුපියල් බිලියනයක් ඉල්ලා නඩු ලියුමක් හෙළ උරුමයෙන් යවා ඇත්තේ එහි සභාපති ඔමල්පේ සෝභිත හිමිට අපහාස කළේ යැයි කියමිනි.

මෙයට පෙර හෙරොයින් චෝදනා මත අගමැති ඉලලා අස්විය යුතු යැයි හෙළ උරැමය යෝජනාවක් ගෙන ආ අතර ජනාධිපතිවරයා ද එම ඉල්ලීම ට සහාය දුන් බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කළේ ය. එසේ නමුත් රාජපක්ෂගේ ඉල්ලීස පයිසෙකටවත් අගමැතිවරයා ගණන් ගෙන නැත. ඒ මදිවාට අගමැති දැන් හෙළ උරුමයට ප්‍රසිද්ධියේම යුද්ධ ප්‍රකාශ කරයි.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: